පසුගිය කාලයේ තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයින් සම්බන්ධයෙන් පැනවූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ බලවත් ඩයස්පෝරා සංවිධානයක් වන ‘ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ටේ්ලියානු දෙමළ කොංග්‍රසය, දෙමළ තරුණ සංවිධානය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව සහ කැනේඩියානු ද්‍රවිඩයන්ගේ ජාතික සභාව’ ඇතුළු සංවිධාන කිහිපයකටම පැනවූ තහනම ඉවත් කර ඇත.
මීට අමතරව පසුගිය රජය මඟින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ද ඉවත් කර තිබේ.
එම සංවිධානවලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට මුහුණු දෙන ආර්ථික අර්බුදය හමුවේ දෙමළ ඩයස්පෝරාව මෙරට විදේශ විනිමය අයෝජනය කිරීමේ අභිලාෂයන් ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සඳහා ඉදිරි පසුබිම නිර්මාණය කිරීමේ අරමුණින් මෙකී තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවත් එකී ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සංවිධාන 2015 පත් වූ යහපාලන රජය යටතේද තහනම ඉවත් කෙරුනු අතර පසුව යළිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ යලි තහනම් කෙරුණි.







