දිනසේන රතුගමගේ –
ජාත්‍යන්තර දෙමළ සංවිධානවල ආධාර යටතේ යාපනයේ තෝරාගත් පාසල් කීපයකට දිනපතාම දිවා ආහාරය ලබා දීමේ වැඩ සටහනක් ඊයේ (12) සිට ආරම්භ කොට තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ සෙන්කුන්ද පාසලේ ළමයින්ට දිවා ආහාරය ලබා දීමේ වැඩ සටහන ආරම්භ වූ අතර මේ සඳහා මුදල් දෙමළ ඩයස් පෝරාව හා ජාත්‍යන්තර දෙමළ සංවිධාන කීපයක් විසින් ලබා දී තිබේ.
ඉදිරි කාලය සඳහා යාපනයේ තෝරා ගත් පාසල්වලට දිවා ආහාරය සපයා දීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදල් පරිත්‍යාගයක් ද ජාත්‍යාන්තර දෙමළ සංවිධානවල නියෝජිතයින් විසින් උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත බාර දෙනු ලැබීය.