දෙමටගොඩ රුවන් සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වමින් ඔහු සමග අවන්හල්වල කරක් ගැසූ බවට තොරතුරු හෙළිවී සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරා ගැනීමට මේ වන විට මෙහෙයුමක් දියත්වෙමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඒ මෙහෙයුමේ පෙරමුණ ගෙන සිටින බව පොලිස් නිලධාරීන් අතර දැඩි කථාබහක් පැතිරෙමින් තිබේ. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කුණු ගොඩක් බවත් පොලීසියට බැදුණු දින සිටම ඔහුට චෝදනා එල්ලවන වකවානුවක් නැති තරම් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීයෙක් සදහන් කළේය.
එහෙත් ඔහු ඒ චෝදනාවලින් ගැලවෙන්නටද දක්ෂයෙක් බව කී එම ආරංචි මාර්ග අවසානයේදී චෝදනා එල්ලකරන අයම ඔහුගේ ගජ මිතුරන් බවට පත්වන බව ද පැවසුවේය.
මෑතකාලයේ සිදුවූ යම් සිද්ධියක් හේතුවෙන් නීතිපතිවරයා ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම්දීමක් පොලිස් මූලස්ථානයට කර ඇතත් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා වෙනුවට සිදුවී ඇත්තේ ඔහුට උසස්වීමක් ලබාදීම බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.