මාතර පොලිස් වසමේ නූපේ රේල් ගේට්ටුව සහ පඹුරන දුම්රිය ස්ථානය අතරදී දුම්රියක ගැටී පාසල් දැරියක ඊයේ (25) මියගොස් තිබේ.
ඇය බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.
ඊයේ (අප්‍රේල් 25) සවස් කාලයේදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙලෙස එම සිසුවිය මිය ගොස් ඇත.
මරණකාරිය තවත් මිතුරියන් තිදෙන කු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට පත් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.