ද්විත්ව ඝාතනයක සැකකරුවෙකු පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රෝහල් පරිශ්රය තුළ ගෙළ වැලලාගෙන මියගොස් ඇත.
නිදහස් දින අලුයම මෙලෙස ගෙළ වැලලාගෙන මියගොස් ඇත්තේ ගල්ගමුවේ පදිංචි තිලක් දිසානායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
මොහුට 2022 වසරේ දී ඔහුගේ ඥාති සොහොයුන් දෙදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පල්ලෙකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.