බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

දුකින් මුදවන්න සානුකම්පික මරණයට පත් කළ ලෝ ප්‍රකට ලංකාවේ ඇතින්න

ලෝ සතුන්ගේ ශාන්තියට වැඩිම විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක්වුණු ස්මිත්සොනියන් හී ශාන්ති ගේ කතාව

by editor
ජූනි 29, 2020
in පරිසරය, පුවත්
smithsonian-zoo-shanti-elephant

සානුකම්පික මරණයට පත් කළ ශාන්ති ඇතින්න

Share on FacebookShare on Twitter

කෘත්‍රිම සිංචනය මඟින් පැටවුන් ඉපදවීමට ලොව දායක වූ පළමු ඇතින්න මෙන්ම විද්‍යාත්මක පර්යේෂණවලට වැඩියෙන්ම දායක වූ ලෝකයේ  එකම ඇතින්න ලෙස සැලකෙන ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් සත්තවෝද්‍යානයේ සිටි ශාන්ති නම් ශ්‍රී ලාංකික ඇතින්න අවසන් කාලයේ ගෙවූ පීඩාකාරී ජීවිතයට සමු දෙන්නට පසුගියද 27 වැනිදා සත්තවෝද්‍යාන බලධාරීහු තීරණය කළහ.

ලෝකයේ ප්‍රමුඛතම සත්ත්වෝද්‍යානයක් සහ සත්ත්ව පර්යේෂණාගාරයක් වන ස්මිත්සෝනියන් හි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර  තිබුණේ ඇය දිගු කලක් තිස්සේ වේදනාවට ලක් කළ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් මිදවීම සඳහා ඇයෙට මෙසේ මරණය උරුම කරදීමට බලධාරීන් තීරණය කළ බවය.

smithsonian-zoo-shanti-elephant
ශාන්ති ඇතින්න සිය අබාධයට පැළඳ වූ විශේෂ සපත්තුව පෙන්වමින්

ශාන්ති ඇමරිකා ගිය හැටි

මෙම ඇතින්න 1978 වසරේදී ශ්‍රි ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිට ශ්‍රි ලංකාවේ දරුවන් වෙතින් ලද සංකේතාත්මක ත්‍යාගයක් ලෙස  ඇමෙරිකානු රජයට භාර දී ඇති අතර ඒ වනවිට වසරකට පමණ වයසක පසුවූ පැටියකු වූවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ශාන්ති ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානයේ කාගේත් සිත් දිනා ගැනීමට සහ ආදරය ලබා ගැනීමට සුදුසුකම් ලබනින්නියක් වූයේ ඇය වෙනත් සතුන්ට වඩා ඉක්මනින් හීලෑ වීමත් ඔවුන්ගේ පර්යේෂණාත්මක මෙන්ම විනේදාස්වාද කටයුත සඳහා ඉක්මනින් පුහුණු කළ හැකි එරට පරිසරයට නිසි ලෙස ඔරොත්තු දෙන ඇතින්නක ලෙසත් හැදී වැඩුණු නිසාය.

රෝග තත්වය

රෝගී ඇතින්න පෙලූ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ප්‍රතිකර කරමින්

කාගේත් ආදරය මැද වැඩුණු ශාන්තිට බොහෝ හීලෑ අලි ඇතුන්ට වැලඳෙන ඔස්ටියේ ආතරයිටිස් රෝග තත්ත්වයට ගොදුරු වන්නට පටන් ගත්තේ වයස අවුරුදු 44 දීය. ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ස්ටීවන් මොන්ෆෝර්ට් පවසන්නේ අවුරුදු 40කට අධික කාලයක් තිස්සේ සත්ත්වොද්‍යන කාර්ය මණ්ඩලයේ පරම්පරා කිහිපයකම   සෙනෙහස දිනා ගන්නට ඇය වාසනාවන්ත වූ බවය.  එමෙන්ම මෙම ලොව සුපතල සතත්වෝද්‍යානයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය ලැබීමට ඇය වාසනාවන්ත වූ බවය. ශාන්ති සුවපත් කිරීමට සත්ත්වෝද්‍යාන වෛද්‍ය කණ්ඩායම් විවිධ නව්‍ය ආකාරයේ ප්‍රතිකාර ක්‍රමවේද   භාවිත කළ අයුරු ඔහු කීවේය. එසේ වුවද ඇයගේ තතත්වය එන්න එන්නම ඉතාම වේදනාත්මක වූ බැවින් ඇයට වේදනාවෙන් තොර මරණයක් හිමි කර දීමට බලධාරීන් තීරණය කර තිබිණි.

“ශාන්ති ඇතින්න සත්ත්ව ලොක්යේ නවතම පර්යේෂෂණ ගණනාවකට නිහඬවම දායකත්වය දුන් ඇතින්නක්. 1996 දී ඇය කෘත්‍රිම සිංචනය හරහා ගැබ් ගැනීමට ලක් කළ අතර ඇතින්නක සම්බන්ධයෙන් ලෝකයේ සිදුකෙරුණු පළමු අත්හදා බැලම එයයි..“ ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානය සඳහන් කරයි. ලොක්යේ සත්ත්වයින් සම්බන්ධ පරීක්ෂණ රැසක් සිදු කරන මෙම සත්ත්ව පර්යේෂණ ආයතනය ඇතින්න කෘත්‍රිම සිංචනයට ලක් කිරීම සඳහා අලුතින්ම විශේෂිත උපකරණ නිර්මාණය කළ බවද මෙම ක්‍රමය හරහා ඇයට 2000 වසරේ දී පැටවකු දායාද කිරීමට හැකි වූ බවද සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා පවසයි. කණ්ඩුල නම් මෙම අලියා මේ වනවිට ඇමෙරිකාවේ ඔක්ලහෝමා හී සත්ත්වෝද්‍යානයක වාසය කරයි.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසා ඇයට පළඳවා තිබූ විශේෂ සපත්තුව

වේදනාවෙන් තොර මරණය

“ශාන්ති ඇතින්නට තිබුණු ආදරය නිසාම ඇයට ඔස්ටියෝ ආතරයිටිස් මඟින් ඇති වූ අධික වේදනාව සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය විශාල වශයෙන් උනන්දු වුණා. එවැනි රෝගයකකදී සුවය ලැබීමට ලබා දිය යුතු නවතම ඖෂධ සහ ප්‍රතිකාර ලබන්නට ඇයට හැකි වුණා. ඇතැම් පර්යේෂකයන් ඇය වෙනුවෙන් වෙනමම ඖෂධ පවා නිපදවූවා. ශාන්ති තමයි ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්ත්වයෙන් පෙළෙන සතුන් වෙනුවෙන් ලබා දුන් ප්‍රෝටීන සීරම ප්‍රතිකාර ලැබූ ලෝකයේ පළමු ආසියානු අලියා. එසේ වුවත් ඇයට මේ රෝගයෙන් ගැලවෙන්නට ලැබුණේ නැහැ.“

ස්මිත්සෝනියන් හි ජ්‍යෙෂ්ඨ සත්ත්ව පාලකයකු මෙන්ම ශාන්ති සමඟ දශක තුනකට එහා කාලයක් ඇසුරු කළ බ්‍රයන් අමරාල් පවසන්නේ මෙවැනි කතාවකි.

“සාමාන්‍යෙයන් මිනිසුන් භාරයේ සිටින ආසියානු අලින්ගේ ජීව කාලය වයස අවුරුදු 46ක් පමණ වෙනවා . මේ නිසයි ඇයගේ වේදනාවෙන් මිදීමට ඇයට මේ දිවියට සමු දෙන්නට අවශ්‍ය කටයුතු සූදානම් කළේ. කොහොම වුණත් අප විශ්වාස කරන්නේ වන අලියකු තබා හීලෑ අලියකු වුවද නොලබන තරමේ සුවිශේෂී ප්‍රතිකාර හා සත්කාර ඇය ලැබූ බවයි.

ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ශ්‍රි ලංකාවෙන් ඊට පසු කාලීනව ලබා දුන් තවත් අලින් දෙදෙනකු සිටින බව ස්මිත්සෝනියන් සත්වොද්‍යානය සඳහන් කරයි. බොසී සහ ස්වර්ණා ලෙසින් හැඳින්වෙන මෙම අලින් සමඟ ඇය පසුගිය කාලයේ එකටම   හැදී වැඩී ඇත. මෙයින් බොසී ශාන්ති සමඟ විශේෂ ඇලුම්කමක් සහිතව ජීවත් වූ බව වාර්තා වෙයි.

“ඇයගේ අවසන් මොහොතේ දී ඇය දැක ගැනීමට මෙම අලින් දෙදෙනාටද ඉඩ ලබා දුන්නා…   එහිදී ඔවුන් මිය ගිය තම සොයුරිය සිප වැළඳ ගනිමින් වැලපුණ ආකාරයට අප දුටුවා. ඒ  සංවේදී අවස්ථාව අත් විඳින්නට අපට පුලුවන් කමක් තිබුණෙ නෑ…“  ව සත්ත්ව පාලකයෝ ප්‍රකාශ කර තිබුණහ.

smithsonian-zoo
ස්මිත්සෝනියන් සත්ව උද්‍යානය
Tags: නවතමවිශේෂ
Share79Tweet43
Previous Post

“මෛත්‍රී ඩොලර් මිලියන 5ට කළ දේ ගැන රජයෙන් පරීක්ෂණයක් ඕනෑ”

Next Post

පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.