අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිස්ත්‍රික්ක හතරකට ගංවතුර තර්ජන…

by editor
මැයි 25, 2021
in පුවත්
Floods

An aerial view shows villagers using boats to cross a flooded River Ganges as water levels in the Ganges and Yamuna rivers rise, in Allahabad on August 21, 2019. (Photo by SANJAY KANOJIA / AFP)

Share on FacebookShare on Twitter

අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති අතර තවදුරටත් වැසි ඇදහැලෙන බැවින් ගංගා හා ජලාශවල ජල මට්ටම් ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිස්ත්‍රික්ක හතරක ගංගා ආශ්‍රිත ස්ථාන 20කට 25 වැනිදා අලුයම වන විට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇති අතර ඒ අතරින් ස්ථාන 4කට මිලිමීටර් 150 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්බොඩට මිලිමීටර් 181.5ක ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිටට මිලිමීටර් 173.5ක ද වැසි ඇති වූ බව වාර්තා කර ඇත.

කළු ගඟේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වීම හේතුවෙන් රත්නපුර ද මහවැලි ගඟ නාවලපිටියෙන් ද පිටාර යමින් සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් රැසක් ද ජලයෙන් යටවෙමින් පවතින අතර ගංවතුර තත්ත්වයක් දක්වා එය වර්ධනය වනු ඇති බවට ද අනතුරු ඇඟවේ.

කැලණි ගඟේ කෙහෙල්ගමු ඔය නෝවුඩ්වලින් ද නිල්වලා ගඟ පණඩුගමින් ද අත්තනගලු ඔය දුනාමලෙන් ද පිටාර මට්ටමේ පවතී.

මේ අතර දිස්ත්‍රික්ක 7කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ව්සින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක් දැඩි අවදානම් කලාප ලෙසට නිවේදනය කර ඇත.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, රත්නපුර, ඇළපාත, නිවිතිගල, කළවාන, පැල්මඩුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නායයාම් අවදානම ඉතා දැඩි කලාප වේ.

එසේ ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඕපනායක, බලන්ගොඩ, කහවත්ත, ගොඩකවෙල, වැලිගෙපොල ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, වරකාපොළ, අරනායක, රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, ගලිගමුව, බුලත්කොහුපිටිය ද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිටි ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ද නායයාම් අවදානම් කලාප වන බැවින් පවතින වාර්ෂාපතන තත්ත්වය හේතුවෙන් එකී ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස අවධාරණය කෙරේ. පස් කඩා වැටීම්, ගස් ඇළවීම්, දිය උල්පත් මතුවීම්, පවතින දිය ධාරා සිඳීයාම්, ජලය සමග මඩ මුසුවී ගලායාම් ආදි ලක්ෂණ පිළිබඳ විමසිලිමත් ව අවශ්‍ය වුවහොත් දැනටමත් ඒ ප්‍රදේශවල සූදානම් කොට ඇති ආරක්ෂිත ස්ථාන වෙත වහාම ගමන් කරන ලෙස ද දැනුම් දේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල තවදුරටත් වැසි, සුළං, ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇති වන බවයි.

මේ අතර දැඩි නියඟයක් පැවති යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල් හා කරෙයිනගර් මෙන් ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පෝරතිව්පත්තු හා මන්මුනෙයි බටහිර ප්‍රදේශවලට ද වැසි ලැබෙමින් පවතී. එම ප්‍රදේශවල 24847 දෙනෙක් නියඟයෙන් පීඩාවට පත්ව ඇත.

සටහන – තුෂාරී

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මන්ත්‍රීලාට ප්‍රාඩෝ ගේන්න කැබිනට් අනුමැතියට කලින්ම “එල්සී“ එකත් විවෘත කරලා !

Next Post

කොළඹ නැවේ ගින්න නිවන්න ඉන්දියාවෙනුත් එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.