අද උදේ වරුවේ දිවුලපිටිය නව කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 42ක් වාර්තා වූ බවත් ඉන් එක් පුද්ගලයෙක් හැරුණු විට ඉතිරි 41 දෙනාම වයස අවුරුදු 14 හා 35 අතර පසුවන්නන් බවත් දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.
එම රෝගීන් 42 සමග දිවුලපිටිය නව කොවිඩ් පොකුරේ රෝගීන් සංඛ්‍යාව දින 06ක් තුළ 242 දක්වා ඉහළ ගිය බවද ඔහු කීවේය.
පොල්හේන, කළුඅග්ගල, සහ හීරළුගෙදර ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වී තිබිණි. මේ රෝගීන් 42න් 34ක්ම ශ්‍රී පාද වන්දනාවේ සහ මහනුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වූ පුද්ගලයන්ය.