දිවයිනේ සියළු ඉන්ධන පිරවුම්හල් වලින් අහඹු ලෙස සාම්පල ලබා ගෙන පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කීවේය.
ඉන්ධන ප්‍රමිතිය සම්බන්ධව චෝදනා එල්ල වීමත්, ඉන්ධනවලට ජලය හා භුමිතෙල් මිශ්‍ර කරන බවට ලද පැමිණිලිත් සලකා මෙම තීරණයට එළඹුන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මාධ්‍යයට පැවසීය.
කිසියම් ඉන්ධන හල් හිමියෙකු විසින් අදාල රෙගුලාසි කඩ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔහුගේ බලපත්‍රය අවලංගු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.