සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී වැඩ තහනමකට ලක් වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළි සේවයේ ස්ථාපනය කරන ලෙසට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් දෙන ලද නියෝගය ඉටු නොකිරීම පිළිබඳව විමසන ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඇය සම්බන්ධයෙන් දුන් නියෝගයට අදාළ ව අර්ථාන්විත පියවරක් ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කර ඇත.
ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ හිටපු සොලිසිටර් ජනරාල්වරිය නිර්දෝශී බවට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති අතර ව්‍යවස්තාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බවටද පෙන්වා දී තිබේ.
ඇයගේ වැඩ තහනමට හේතු වූයේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ හඩ පටයකි. කෙසේ වුවද මෙම ආන්දෝලනාත්මක දුරකථන සාකච්ඡා හඩ පටය අවස්ථා ගණනාවකදී සංස්කරණය කොට විකෘති කළ එකක් බව මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගෙන් සමන්විත විමර්ශන වාර්තාවකින් තහවුරු කර ඇති අතර රජයේ රස පරීකෂකවරයාගේ වාර්තාවකින්ද එය තහවුරු වී තිබේ. මිට අමතරව මීට අදාළව විමර්ශණයකදී නිශ්ශංක සේනාධිපති ද එය සංස්කරණය කළ බව පිළිගෙන තිබේ.
මෙම කරුණු මත පරිපාලන අභියාචනා විනිශ්චය සභාව වික්‍රමසංහ මහත්මියගේ විශ්‍රාම දිනය වන ජූලි මස 30- වැනිදාට පෙර ඇය යළි සේවයේ පිහිටුවන ලෙසට රාජ්‍ය සේවා කොමිසහට දන්වා ඇත්තේ පසුගිය 22 වැනිදාය. එසේ වුවද නීතිපතිවරයා ඇයට යළි සේවයේ වාර්තා කිරීමට අවකාශ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම මගින් අදාළ නිර්දේශය නීතිපතිවරයා වෙත ලබා නොදීම හේතුවෙනි.
වික්‍රමසිංහ මහත්මිය තමන්ට සිදුව ඇති හානිය සලකා මේ වනවිට බිලියන දෙකක වන්දියක් ඉල්ලා සේනාධිති මහතාට විරුද්ධව නෛතික පියවර ගෙන තිබේ.