කාබනික දියර පොහොර ලෙස තමන්ට ගෙනත් දුන් පොහොර කෑන් පුපුරා යන බවත්, එයින් නික්මෙන්නේ ඉවසා ගත නොහැකි දුර්ගන්ධයක් බවත් හොරොව්පතාන ගොවීහු චෝදනා කරන ආකාරය හිරු පුවත් සේවය වාර්තා කරයි.
“ මොනවද මේ ජරාව. මාළු බොකු කුණු වෙලා වගේ ඉවසන්න බෑ ගඳ. ලැට් වලක් ගොඩදාල ද මේ ගෙනත් දුන්නේ. මහත්තයෝ… මේ සිද්ධවෙන දේ ගැන අපි දන්න නිසා තමයි යූරියා ඉල්ලුවෙ. කොළඹ කාමර වලට වෙලා තීරණ ගන්න කට්ටිය අපි මහපොළොවෙ ඉඳන් මේ ඉල්ලන්නෙ මොනව ද කියලා ඇයි තේරුම්ගන්නෙ නැත්තේ. තව සතියක් ගියාට පස්සේ මේ ගොයමට මොනවා ගැහුවත් වැඩක් නෑ.“ ගොවි නියෝජිතයෙක් කියා සිටියේය.
මේ වනවිට දියර ලෙස හඳුන්වා ලබා දුන් මෙම පොහොර කෑන් පුපුරා හතර අතේ ගලන බවත්, කෑන් ඉදිමී පිපිරී යන අයුරුත් ගොවීහු පෙන්වා දුන්හ.
මෙම කන්නයේ වගාවට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි සංවිධාන16ටම ලබාදුන් දියර පොහොර යැයි කියූ මේ දියරවලින් කොටසක් බෙදා දුන් බවත් ඉතිරි වූ පොහොර කෑන් 200න් සියයක්ම පුපුරා ගොස් ඇති බවත් හොරොව් පතාන බෙදුම්ඇල සීවලී ගොවි සංවිධානයේ සභාපතිවරයා මාධ්‍යයට පැවසුවේය.
මෙම දියර පොහොර වගාවට යෙදීමේන් සමේ ආසාදන හටගන්නා බවත්, දියර ඉසින යන්ත්‍රවලින් ඒවා ඉසිය නොහැකි බවත්, දියර පොහොරේ ඇති සමහර අංශු නිසා එම යන්ත්‍ර ක්‍රියා විරහිතවන බවත්, ඔවුහු පෙන්වා දෙති.
සිද්ධිය හිරු පුවත් සේවාව වාර්තා කර තිබුනේ මෙසේය…