දිනසේන රතුගමගේ –
මුලතිව් ධීවරයෝ මුහුදු යාම නතර කොට ඉන්ධන ඉල්ලා 26 දා මුලතිව් නගරයේ විරෝධතාවයක් දියත් කළහ.
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ අරණ ලද පෙළපාලියකින් නගරය වෙත පැමිණි ධීවරයෝ පසුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවෙමින් කියා සිටියේ දින 27 කින් මුලතිව් ධීවරයින්ට මුහුදු යාම සඳහා ඉන්ධන නොලැබුණු බවයි.
විරෝධතාවය අවසානයේදී මුලතිව් දිසපති කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවෝ මුලතිව් දිසාපතිවරයාට ලිපියක් බාර දෙමින් වහාම මුලතිව් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.