ලෝක වෙළඳ සංවිධානය ගෙන ආ දිගු දුර මසුන් ඇල්ලීමේ ධීවර සහනාධාරය සීමා කීරීමේ යෝජනාවට විරෝධය පළ කරමින් වෙරළබඩ ප්‍රදේශ කිහිපයක ධීවර ජනතාව විරෝධතාවයක නියැලුණහ. ඔවුන් පවසන්නේ ධීවර සහනාධාරය නැවතුවහොත් සාම්ප්‍රදායික ධීවරයින්ගේ ජීවිත හා ජීවනෝපාය නතර වන බවයි.
මසුන් ඇල්ලීම සඳහා වෙනත් මූදු ප්‍රදේශවලට යන ධීවරයින් නවතාලමින් මෙම ජූනි 12 වැනිදා ආරම්භ වූ 12 වැනි ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.
මෙම යෝජිත කප්පාදුවට විරෝධය පළ කරමින් ගුජ්රාට්, මහාරාෂ්ට්‍ර, ගෝවා, කර්නාටක, කේරලය හා තමිල්නාඩුව නියෝජනය කරමින් ධීවරයින් 34 දෙනෙකු ජීනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට රැස් වූහ. ඔවුන් සඳහන් කළේ සාගර සම්පත් ක්ෂය වීමට යුරෝපයේ හා චීනයේ දැවැන්ත ධීවරයින් වගකිව යුතු බවයි. තමන් වැනි කුඩා ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි ඔවුන් සඳහන් කරයි.
ඉන්දියාවේ සමස්ත සමුද්‍ර ධීවර ජනගහන්‍ය මිලියන 3.77ක් වන අතර ඔවුන් ධීරව ගම්මාන 3202ක වාසය කරයි.