දිනසේන රතුගමගේ –
සවස් යාමයේ කඩයකට ගිය යාපනයේ දැරියන් දෙදෙනෙකු වතුර වළකට වැටී මියයාමේ ශෝක ජනක පුවතක් කයිට්ස් පොලිස් වසමේ සින්නමඩු ප්‍රදේශයෙන් ඊයේ ( 1 ) වාර්තා වී තිබේ.
වයස අවුරුදු 11 ක නිරෝෂන් විදුෂා සහ පස් හැවිරිදි නිරන්ජන් අනුෂ්කා නැමති මෙම දැරියන් දෙදෙනා කඩයට ගොස් ආපසු නොපැමිණීම නිසා ඔවුන් ගැන සොයා බලද්දී දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වලක පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ.
දැරියන් දෙදෙනා කඩයට ගිය පාපැදියද එම වතුර වල අසල තිබී හමු වී ඇත.
පොලීසිය සැකකරන්නේ ඔවුන් දෙදෙනා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී පාපැදිය පෙරළී ඔවුන් දෙදෙනා වතුර වලට අද වැටෙන්න්ට ඇති බවය.
මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලක ඥාතී දැරියන් දෙදෙනෙකි.
මියගිය දැරියන් දෙදෙනාගේ මළ සිරුරු දෙක යාපනය ශීක්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇති අතර ඌර්කාවතුරේ පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.









