සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරියන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා අලෙවි කළ 19 හැවිරිදි චීවරධාරියා අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දිකා රාමනායක  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ –

අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා  දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන්  සමග සිදුකරන  ලිංගික දර්ශන  ඇතුළත්  වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා  මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා  දර්ශන සැකකරු සතුව තිබී ඇති අතර  ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ  පරිගණක තුනක සමග ඒවායේ තිබී ඇති අතර   කුඩා දරුවන්ගෙ නිරුවත්  වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක්  පොලිස් භාරයට ගෙන ඇත

කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප මෙන්ම  ලිංගික දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ සංසරණය වන බවට ලද තොරතුරක් මත පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් පසුගියදා ආරම්භ කළහ.

සැකකරු එම දර්ශන  ඔහු විසින්  සම්බන්ධ වී සිටි සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට මුදලට ලබා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකරු කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කරන බවත්, ඒ වෙනුවෙන් මුදල් අයකරන්නේ තහනම් ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු  ක්‍රමයක් වන ක්‍රිප්ටෝ කරන්සි මුදල්  ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත් බව පොලිසිය පවසයි.

සැකකරු  සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමෙන් පසු නිලධාරීන් එම සැකකරු සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගෙන ඇති අතර පසුව සැකකරුගේ විශ්වාස දිනා ගැනීමෙන් පසුව එම ඡයාරූප ඉල්ලා ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව හරහා රුපියල් 2000ක මුදලක් සැකකරු වෙත යොමුකර ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්  සැකකරුගේ එම නීති විරෝධී  ක්‍රියාව තහවුරු කරගැනීමෙන් අනතුරුව නවීන තාක්ෂණය හරහා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  සැකකරු රාගම ප්‍රදේශයේ පුද්ගලයකු බවට තහවුරු කරගෙන ඇත.

නිලධාරීන්  හඳුනාගත් එම ස්ථානයට ගොස් සොයා බැලීමේදී ඒ තේවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක්  බවට තහවුරු වී ඇත.

නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම  සැකකරු  විහාරස්ථානයක වැඩවාසය කරන සිවුරු දරාගත් පුද්ගලයෙක් බවට දැන සිටියේ නැති බවද එම පොලිසිය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. – ලංකාදිප

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් සමරු පෙළපාළිය සිංහල ජනතාව අතරට ගෙනගිය මන්ත්‍රීවරයා කළේ අනවශ්‍ය ක්‍රියාවක්…

Next Post

ධනිෂ්ක ගුණතිලකගේ ස්ත්‍රි දූෂණ නඩුවේ දෙවැනි දිනයේ සිදුවූයේ කුමක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.