දැන් තමන්ට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැති බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
පාර්ලිමේන්තුවේ දී තමන් ඉල්ලා අස්වන බව කීවේ ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් නොලැබුණහොත් පමණක් බවත්, ඖෂධ සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට වෙන් කර ඇති බැවින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ඇමතිවරයා පැවසුවේය.
ඩේලි මිරර් වෙත මේ සම්බන්ධව අදහස් දක්වන ඇමතිවරයා පවසන්නේ මෙසේය ”මම මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළ දිනයේම අපි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් ලබා දෙන්න සහතික වුනා.”
“ප්‍රමාණවත් මුදල් වෙන් කර ඇති බැවින්, මට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නෑ,” ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ දේ ඇතැම් මාධ්‍ය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවය.
“මම කිව්වේ අරමුදල් නොලැබුණොත් තනතුරුවල එල්ලී සිටීම වටින්නේ නැති බවයි,” ඔහු පැවසීය.
කෙසේ වෙතත් දැනටත් ඖෂධ 100ක් පමණ රට තුළ නොමැති බව පවසන ඇමතිවරයා අවශ්‍ය අරමුදල් නිකුත් කිරීමත් සමඟ ඖෂධ හිඟය පියවීමට සැලසුම් කර ඇති බව පවසයි.







