දැදුරු ඔය ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව පහ දක්වා ඉහළ ගොස් තිබේ.
දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මිය යෑමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් ඇත.
පස් දෙනාගේම මළ සිරුරු සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයන් සිව්දෙනාගේ සිරුරු සවස් වනවිට සොයා ගත්තේය.
කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙක් අද පස්වරුවේ දිය නෑමට ගොස් මෙලෙස දියේ ගිලී මිය ගොස් තිබිණි.







