ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අද (31) දිනයේ දී අවසන් කිරීමට හැකිවනු ඇති නමුත් මේ දක්වා ද්විත්ව පුරවැසිභාවය සහිත එක් මන්ත්‍රීවරයෙක් හෝ සොයාගත නොහැකි වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන දෙපාර්මේන්තුව මේ බව මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරීක්ෂා කිරීම සදහා මේ වන විට ආරම්භ කර ඇති විශේෂ විමර්ශනය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජන කරන සියලු මන්ත්‍රීවරුන්ගේ උපන් දින සහ ජාතික හැඳුනුම්පත් අංක පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා දිනයේ ඉල්ලා තිබුණ බව සඳහන් විය.
ඉන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නාමලේඛන පරික්ෂා කිරීම ආරම්භ තිබුණත් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී කිසිදු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු බවට හඳුනාගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව කියයි.