අද උදෑසන අනවසරයෙන් දළදා මළිගාව ඉදිරිපිට නුවර වැව රවුමේ දී ඩ්‍රෝන යාත්‍රාවක් ගුවන්ගත කළ චීන ජාතිකයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙම චීන ජාතිකයින් දෙදෙනාත් ඩ්‍රෝන යානයත් පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව ඔවුන් මහනුවර සංචාරක පොලිසිය වෙත භාර දී ඇත.
අනතුරුව මේ සම්බන්ධව මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය මගින් ද විමර්ශනයක් සිදුකර අනවසරයෙන් ඩ්‍රෝන යාත්‍රා යැවීම සම්බන්ධව අවවාද කර ඩ්‍රෝන යානය සහ චීන ජාතිකයින් දෙදෙනා මුදාහැර ඇත.