අයි.සී.සී නිති රෙගුලාසි ප්රකාරව දෙවැනි තරමේ ආබාධයකින් කණ්ඩායමෙන් එළියට ගිය දසුන් ශානකට නැවත අබාධය සුව වූ බව දන්වා කණ්ඩායමට ඇතුළත් විය නොහැකි බව අන්තර්ජාතික ක්රිකට් විශ්ලේෂක රසල් ආනල්ඩ් පවසයි.
රසල් ආනල්ඩ් මෙවර ලෝක කුසලානයේ අයිසීසී තාක්ෂණ කමිටුවේද සාමාජිකයකු ලෙස කටයුතු කරයි
ඔහු පෙන්වා දෙන්නේ හිතූ මතේට කණ්යමක ක්රීඩකයන්ට එළියට යන්නට හෝ ඇතුළට එන්නට නොහැකි බවත් ඒ සම්බන්ධව අයි.සී.සී යේ විධානයක් පවතින බවත්ය.
ඒ අනුව දසුන් ශානක ගේ 2023 ලෝක කුසලානය මෙතෙකින් නිමා වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එසේ තිබිය දී දසුන් ශානක තව දුරටත් කණ්ඩායම සමග රඳවා ගැනීම ප්රශ්නයක් වුව ද එය තමන්ට අදාල නොවන දෙයක් බවත් රසල් ආනල්ඩ් පැවසුවේය.