පවතින මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයකට ලක්ව ඇති පසුබිමක් තුළ මාණ්ඩලික සේවක මට්ටමේ රජයේ සේවකයන් ගේ වැටුප් දිනක් දෙකක් ප්‍රමාද වීය හැකි බව රජය නිල වශයෙන් දැනුම් දීමත් සමඟ බැංකු ණය ලබාගෙන සිටින රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවදුරටත් කප්පාදු වීමේ ඉඩක් නිර්මාණය වී ඇති බව බැංකු ක්ෂේත්‍ර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.
මේ තත්ත්වයට හේතුවී ඇත්තේ ස්ථාවර පොලී අනුපාත මත ණය ලබාගෙන සිටින පුද්ගලයන් ගේ ණය ගෙවීම් එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත් එම මස පොලිය අය කිරීම සියයට 15.5ක ඉක්මවන අනුපාතයකට සැකසීම නිසා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම තත්ත්වය මේ වනවිටත් සිදුවන අතර පසුගිය වසරවලදී සියයට 9 පමණ වාර්ෂික පොලී අනුපාත මත දේපළ නිවාස සහ පෞද්ගලික ණය ලබා ගැනීමට බොහෝ රාජ්‍ය සේවකයන් කටයුතු කර ඇති අතර විශේෂයෙන් නිවාස ඉදිකිරීම, වාහන මිලදී ගැනීම සහ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන් මෙලෙස ණය මුදල් ලබාගෙන ඇත.
බැංකු සිය ණය ගිවිසුමට මුවා වෙමින් මෙලෙස වැඩි පොලී අනුපාතිකයක් ලබා ගැනීමට බැංකු ප්‍රධානීන් අතර අනෝන්‍ය එකඟතාවක් නිර්මාණය කරගෙන ඇති බව සඳහන් වේ.
ඔවුන් මෙම වැඩි පොලී අනුපාතික ලබා ගැනීමට කටයුතු කරන්නේ මේ වනවිට වැඩි වී ඇති පොලී අනුපාතික හේතුවෙන් ණය සේවාකරණය සඳහා වැයවන අධික පිරිවැය කළමනාකරණය කිරීම සඳහා බව ද සඳහන් වේ.
කෙසේ වුවද පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ ජීවන වියදම දරාගත නොහැකිව ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ මෙලෙස වැටුප ප්‍රමාද වීම මත බැංකු පොලී අනුපාතිකයද වැඩි කිරීම හේතුවෙන් ඔවුන්ට මාසිකව අතට ලැබෙන මුදල තවදුරටත් දැඩි පීඩනයකට ලක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මුදල් මුද්‍රණය සීමා කිරීමත් රාජ්‍ය ආදායම සහ වියදම් කළමනාකරණය දුෂ්කර වී ඇති පසුබිමක් තුළ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් අදියර දෙකක යටතේ සිදු කිරීමට නියමිත බවය.
ඒ අනුව යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ඊයේ කැබිනට් අමාත්‍ය හමුවේදී කතාබහට ලක්වූ බවද ඔහු පැවසීය.