අද දහවල් සමගි වනිතා බලවේගය මෙහෙයවමින් ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අරංගල නිවස කිසියම් පිරිසක් විසින් වටලා ඇතැයි වාර්තා වේ
එම වැටලීම මෙහෙයවන පිරිස අතර කඩුවෙල උප නගරාධිපතිවරයාත් ඇතැයි දැනගන්නට ඇත.
මේ මොහොතේත් එම පිරිස නිවස වටා රැස් වී සිටින බව ආරංචි මාර්ග පවසයි.
වැඩිදුර විස්තර සහිතව සිද්ධිය වාර්තා කිරීමට නියමිතය
මිරිහානේ ජනපති නිවස අසලට ඇවිත් හිරුණිකා කී කතාව මෙතැනින්…







