මනම්පිටිය නිමල් ජයරත්න –
මීට වසර දොලකට ඉහතදී වැලිකන්ද ප්‍රදේශයේ අවුරුදු එකොළහක දැරියකට ලිංගික අපරාධයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධව වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවුරුදු පනස් අටක ළමා අපචාරකයෙකුට එරෙහිව වසර දොළහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබාදෙන ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත අද ( 26 ) නියෝග කළේය.
මීට අමතරව වරදකරුට වින්දිත දැරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසට නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 15,000 ක රජයේ මුද්දර ගාස්තුවක් ගෙවන ලෙසටද නියෝග කළේය.
මව පියා අහිමි දැරිය සීයා සහ ආච්චි ළඟ නවාතැන්ගෙන ජීවත්ව සිටියදී නිවසට පැන මෙම වරදකරු 2013, නොවැම්බර් 19 වෙනිදා දැරිය බරපතල ලිංගික අපරාධයක් සිදුකර තිබිණි.
එහිදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල වැලිකන්ද සූරියවැව ප්‍රදේශයේ, පදිංචි මෙම ළමා අපචාරකයාට එරෙහිව නඩුව වසර අටක් පුරා පොළොන්නරුව මහාධිකරණයේ විභාග වුණි.







