අවුරුදු 12 – 19 වයස් කාණ්ඩයන්ගේ පසුවන නිරෝගි දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පැමිණීමේදී පැරසිටමෝල හෝ වෙනත් අසාත්මිකතාවන් සදහා ලබාදෙන කිසිදු ඖෂධයක් භාවිත නොකරන්නැයි කොළඹ ජාතික රෝහලේකායික රෝග විශේෂ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර සදහන් කරයි.
මෙම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට එන්නත ලබා දිම සඳහා වන බෝවන රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික කමිටුව මගින් ලබා දීමට අවශ්‍ය නිර්දේශයන් පිලිබදව පුළුල් අධ්‍යනයක නිරත වෙමින් සිටින බවත් ඉදිරි සති දෙකක කාලයල ඇතුළත දරුවන්ට එන්නත ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උසස්පළෙ සිසුන්ට අධ්‍යාපනය ලබන දරුවන්ව එන්නත්කරණයට ලක්කළ හැකි යැයි ඔහු අවධාරණය කරයි.
මෙම දරුවන්ට රෝහල් ආශ්‍රිතව හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව එන්නත ලබා දීමට කටයුතු කරන බවත් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් වෛද්‍ය සතිස්චන්ද්‍ර පැවසීය.
මින් අනතුරුව අවුරුදු 3 – 12 වයස් කාණ්ඩයේ පසුවන දරුවන් එන්නත් කරණය කිරිම පිලිබඳව සාකච්ඡා පවත්වන බවත් කෙසේ නමුත් මෙම වයස් කාන්ඩයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහසක් හෝඉදිරිපත් ව නොමැති බවද අවධාරණය කර සිටියි.







