ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයින් පිරිසක් අද (06) නාරාහේන්පිට අභයාරාමයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේ දී මෙම පක්ෂ නායකයන් යොජනා කර ඇත්තේ ගුරු විදුහල්පති වෘත්තිය සංගම් මෙන්ම රජයද මධ්‍යස්ථ තැනකට පැමිණ මෙම ගැටලුව විසඳා ගත යුතු බවය.
ලෝක ගුරු දිනය සමරන අද (06) ගුරු විදුහල්පතිවරු කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාර ගණනාවක් දීප ව්‍යාප්තව දියත් කළහ.







