වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් එන්නත ලබා දෙන්නට කොවිඩ් කමිටුවට උපදෙස් දුන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මේ අතර අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා මුලින්ම මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මාධ්‍යයට කීවේය.
රෝගාබාධයන් නොමැති නිරෝගි දරුවන් වයස් කාණ්ඩ දෙකක් යටතේ එන්නත්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මුලින්ම වයස අවුරදූ 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට හා දෙවනුව අවුරුදු 12 – 15 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබා දෙනු ඇත.
මෙම දරුවන්ට එන්නත ලබා දෙන දින වකවානු නිච්චිතව තීරණය කර නොමැති අතර ඉදිරි දිනවලදී එය තීරණය කරනු ඇතැයි වාර්තා වේ.