අද අලුයම කටුනායක ගුවන් කොටුපළේ දී අත් අඩංගුවට ගැනුණු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
ඩුබායි සිට මෙරටට පැමිණෙද්දී අද (06) අලුයම ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තේ ප්රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත බව ප්‍රකාශ විය.
ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහුව මුදාහරින ලෙසට නියෝග කළේය.
එසේම මැයි මස 17 වනදා එම නඩුව නැවත කැඳවන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඉකුත් වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් අරඹා තිබුණි.
පසුව එම විමර්ශනයට අදාළව ඔහුගෙන් පසුගිය 2022 වසරේ මැයි 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කෙසේ වුවද වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහුට මෙම වසරේ ජනවාරි 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නැත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය දර්ශන හඳුන්ගොඩ රටින් පිටවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා ගෙන තිබ්රණි.
ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණෙමින් සිටියදී දර්ශන හඳුන්ගොඩ ආගමන විගමන නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.