චීනයේ මුදල් අමාත්‍යවරයා හා එරට මහ බැංකු අධිපතිවරයා සෙසු ණය දෙන රටවල් සමඟ ණය ලබා ගත් රටවල් සහභාගී වන වටමේස සාකච්ඡාවක් මේ මස ඉන්දියාවේදී සිදුවෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත.
දැනට ලබා ගත් ණය ගෙවීමේ අපහසුතාවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සම්බන්ධයෙන් චීනය අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති පිළිබඳව, මෙහිදී අවධානයට ලක් වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ඉඟි කර ඇත.
ඇමරිකාවේ ‘සීබීඑස්’නාලිකාව සමඟ පැයක සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඇය සඳහන් කර ඇත්තේ, ණය ගෙවා ගත නොහැකිව සිටින අඩු ආදායම්ලාභී රටවල් සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි. පවතින අර්බුදය උග්‍ර වී ඇති බැවින් ලෝකයේ සිටින සියලුම ණය දෙන්නන් එකම මේසයකට ගෙන ඒම තම අරමුණ බව ඇය තවදුරටත් පවසයි.
“අපි මේ වෙලාවේ වැඩ කරන්නේ දියුණු රටවල සාම්ප්‍රදායික ණය ලබා දෙන්නන්, චීනය, සෞදි ආරාබිය, ඉන්දියාව වැනි නව ණය ලබා දෙන රටවල් මෙන්ම පෞද්ගලික අංශයේ ණය ලබා දෙන්නන් සියලු දෙනා ණය ලබා ගත් රටවල් සමඟ එකම මේසයකදී මුණ ගැස්සවීමටයි.”
ඉන්දියාවේ පැවැත්වෙන, ජී 20 රටවල මූල්‍ය ක්ෂේත්‍රයේ නිළධාරීන්ගේ රැස්වීමට සමගාමීව මෙම මාසය තුළ එම හමුව සංවිධානය කරන බව ඇය පැවසීය.