සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඹාන ඡන්ද නිලධාරියෙකුගේ මරි මෝඩ තීන්දුවක් නිසා දඹානේ ආදිවාසී ප්‍රජාව ඡන්දය වර්ජනය කරති!

කෙටේරිය ඔබට ආයුධයක්... ඒත් අපට අපේ සංස්කෘතියේ සංකේතය... දඹාන ආදිවාසීහු ආණ්ඩුවට කියති!

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • වැඩක් පවරනකොට ඔළුවක් විතරක් නෙවෙයි, ඔළුව ඇතුලේ මොළයක් තියෙන කෙනෙකුට ඒ වැඩේ පවරන්න… ආදිවාසී නායකයා ආණ්ඩුවෙන් ඉල්ලයි…

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ මානව හිමිකම් කඩවුන බව ප්‍රකාශ කරමින් වන්නිලා ඇත්තො පූර්ණ පරීක්ෂණයක් රජයෙන් ඉල්ලති.

පාර්ලිමේන්තුවට උසාවියට පමණක් නොව විදේශ රටවලට පවා ගමන් කරන විටත් රැගෙන යන, මේ තාක් කිසිම ඡන්දයක දී ගැටලුවක් නොවුන කෙටේරිය සහිතව ඡන්දය පාවිච්චි කිරීමට යෑමට දඹාන කනිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා දඹානේ ආදි වාසී උප නායක ගුණ බණ්ඩියා වෙත ඉඩ නොදීම නිසා දඹාන ආදි වාසීහු අද උදේ ( 14) මෙම තීන්දුව ගෙන තිබුණහ.

තමන්ගේ පියාණන් වූ තිසා හාමිගේ අවධියේ සිට පසුගිය මැතිවරණය දක්වා සෑම මැතිවරණයක දීම තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගියේ සිය විරිගයේ අනන්‍ය සංකේතය වූ කෙටේරියත් කරේ රඳවාගෙන බවත් මේ සිදුවන්නේ ස්වකීය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත් මේ සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී ආදිවාසී නායක වන්නියලා ඇත්තෝ ලංකාසරට පැවසූහ.

ඔහු පෙන්වා දෙන්නේ නිලධාරියෙක් වෙත වගකීමක් පවරන විට ඔහුගේ හිස පමණක් නොව හිස ඇතුළේ මොළයක් තිබේ දැයි විමසා බලන්නට වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

අප කළ විමසීමක දී වන්නියල ඇත්තෝ තත්ත්වය මෙසේ පැහැදිළි කළහ.

“චන්දය දාන්න ගියාම ආදිවාසීන්ගේ අනන්‍ය සංස්කෘතික සංකේතය වෙච්චි කෙටේරිය ඉවත් කරලා ඇවිත් ඡන්දය දාන්න කියලා තියනවා. ඒ නීතිය ගෙනත් තියෙන්නේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ අපිට හිමි ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරියා.”

“එතනින් පෙනුනේ මේකයි. වරිගෙ උප නායක ඇත්තොයි ආදි වාසී ඇත්තන් සහිත කට්ටියම ඡන්දය දාලා නෑ. මේ තත්ත්වය නිසා ආදිවාසී වරිගයේ ඇත්තන් ගොඩක් දෙනෙක් ඡන්දය ප්‍රකාශ කරනවා අඩුයි.”

“මේ තහංචිය දැම්මේ අපේ පරම්පරාවටමයි. මේ රටේ මෙතෙක් තිබුණ හැම ඡන්දයටම ආදිවාසී ඇත්තන් ගියේ කෙටේරියත් අරන්. මගේ තාත්තගේ කාලයේ ඉඳන් කෙටේරිය ඡන්දය දාන්න ඒක බාධාවක් වුනේ නෑ. මේ තියන වාතාවරණයත් එක්ක ආදි වාසී ඇත්තන්ගේ සියලුම අයිතිවාසිකම් ඉවත් වෙනවා කියන එකනෙ මේ පෙනෙන්නේ. නිලධාරීන් විදිහට එයාලා හිතන්න ඕන ආදි වාසියෙක් කීවම ඒ අයගේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් තියනවා කියලා. ඒ අයගේ පාරම්පරික උරුමය ගැන ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕන.”

“අපට හිතෙන්නේ මේ වගේ අයට වගකීම් පවරනකොට ඔලුවක් විතරක් නෙමෙයි ඔළුව ඇතුළෙ මොළයකුත් තියන මිනිහෙකුටයි ඒ වගකීම දෙන්න ඕන. එහෙම නැතිවුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. විශාල පාඩුවක් මේ සිද්ධ වුනේ. මේ රටේම ආදිවාසීන් ලක්ෂ 05ක් විතර ඉන්නවා. මේ අවනඩුව සිද්ධ වුනේ දඹානේ. අපි අනෙක් ගම්වල පණිවිඩයක් දැම්මේ නෑ. ඒත් දඹානේ ගොඩක් අය ඡන්දෙ දාන්නේ නෑ. දඹානේ පවුල් 465ක් තිබෙනවා. ඉන් දෙකෙන් පංගුවක් පමණ ඉන්නේ අපේ කට්ටිය. ”

මින් පෙර ඡන්දයකට නොව සමාජයේ ඕනෑම තැනක හෝ විදේශයක හැසිරීමේ දී කෙටේරිය බාධාවක් නොවූ අයුරු වන්නිලා ඇත්තෝ පෙන්වා දුන්හ.

“මින් පෙර කිසිම බාධාවක් වුනේ නෑ. මේ ඡන්දෙට විතරක් නෙමෙයි උසාවියට යනවා. පාර්ලිමේන්තුවට යනවා. විදේශ රටවලට යනකොට අරන් යනවා. එහෙම තියෙනකොට මේ වගේ තහන්චියක් පැනවීම වැරදියි. ”

“මේ සම්බන්ධව මහියංගනය පොලිසියට කතා කළා. මේක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. මම කියන්නේ මේ අය ගැන පරීක්ෂණයක් තියෙන්න ඕන.”  වන්නිලා ඇත්තෝ මානව හිමිකම් කඩවීම පළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.

“ජන කොට්ඨාසවලින් පිළිගත්ත ජන වර්ගයක් තමයි ලෝකයේ ආදි වාසීන් කියලා කතා කරන්නේ . මේ රටේ පාලකයින් මේ ජන කොට්ඨාස ගැන හිතන්න බැරිනම් ඒක ලොකු වැරැද්දක්. ඒ සම්බන්ධව ඔවුන්ට මතක් කර දීම අවශ්‍යයයි.”

මේ අත්දැකීමට මුහුණ දුන් ආදිවාසී උප නායක, වන්නියලා ඇත්තන්ගේ වැඩිමල් පුත් ගුණබණ්ඩියා ලංකාසරට සිද්ධිය මෙසේ විස්තර කළේය.

“අපි දන්නවා මේක ඡන්ද මධ්‍යස්ථානයක්. අපි දන්නවා එතන නීතියක් තියනවා. අපි ඒ නීතියට ගරු කරනවා. නමුත් මේක අපේ සංස්කෘතිය. ඒක අපේ සම්ප්‍රදාය. අපි උදෙන්ම ඡන්දය දාන්න ගියා. ගියාට පස්සේ අපිට කිව්වා කෙටේරිය අරන් යන්න තහනම්. කෙටේරිය පැත්තකින් තියලා ඇවිත් ඡන්දය දාලා යන්න යන්න කියලා. අපිට මේ කෙටේරිය එළියෙ හරි පාරේ හරි තියන්න බෑ. මේක කරේ තියාගන්න එක අපේ සම්ප්‍රදාය. එහෙම ගිහින් ඡන්දය දෙන්න තහනම් නම් ඉතින් අපි ආපහු යන්නම් කියලා ආපහු එන්න ආවා. ”

“ඒක ඒ අයගේ රාජකාරි. මේක අපේ සම්ප්‍රදාය. අපට අපේ අයිතිවාසිකම් නැතිනම් වැඩි දෙයක් කතා කළේ නෑ. මෙතුවක් කාලයක් තිබ්බ හැම ඡන්දයකදිම අපි ඡන්දය දාන්න ගියේ කෙටේරියත් අරන්.”

” මේ සිද්ධියෙන් පස්සේ මම හිතන්නේ වැඩි දෙනෙක් ඡන්දය දාන්න යන එකක් නෑ. එතන ලොකු අසාධාරණයක් සිද්ධ වුනා. ” ගුණ බණ්ඩියා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැය දෙකක් තිස්සේ  වැරදි ඇඟිල්ල පාට කරලා…. ඡන්ද දාකයකයන් දැඩි විරෝධයක…

Next Post

සූරියවැව නිවසක වාහනයක සඟවා තිබි ආයුධ තොගයක් අත්අඩංගුවට.

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.