සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව නිවසක වාහනයක සඟවා තිබි ආයුධ තොගයක් අත්අඩංගුවට.

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ජන්ද මධ්‍යස්ථානයකට පහර දීමටට ගෙනැවිත් සගවා ඇති බවට පොලිසියට ඔත්තුවක් දීලා. පුද්ගලික පළිගැනිමකට සිදුකර ඇති ක්‍රියාවක් බවට මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වෙයි.

පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව සූරියවැව දෙයියන්දරයාය ප්‍රදේශයේ නිවසක මිදුලේ නවතා තිබූ ලොරි රථයක තිබී ගිනි අවි හා බෝම්බ ඇතුළු ආයුධ තොගයක් පෙරේදා (13) අළුයම අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි.

හම්බෙගමුව ප්‍රදේශයේ ජන්ද මධ්‍යස්ථානයකට පහර දීම සඳහා සූරියවැව දෙයියන්දරයාය ප්‍රදේශයේ නිවසක එළිමහනේ නවතා ඇති වාහනයක් තුළ මෙම ගිනි අවි හා බෝම්බ ඇතුළු ආයුධ තොගය ඇති බවට කිසියම් අයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංක 119ට හා 1997 අංක වෙත ඊයේ (13) දින අළුයම 03.45ට පමණ දැනුම් දී තිබේ. ඒ අනුව පොලිස් හිදිසි ඇමතුම් අංශය විසින් මේ පිළිබදව සූරියවැව පොලිසියට දැනුම් දී ඇත.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ඒ අනුව වහා ක්‍රියාත්මක වු සූරියවැව පොලිසියේ රාත්‍රි ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිළධාරීන් හා විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අදාල නිවසට ගොස් පරික්ෂා කර තිබේ. එහිදී එම නිවසේ මිදුලේ දින කිහිපයක් තිස්සේ නවතා තිබූ ලොරි රථයක ඩිෆරන්සලයේ උඩ කොටසේ බෑගයක දමා ගැට ගසා තිබූ ආයුධ පාර්සලය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම පාර්සලයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 01ක් ,විදේශීය රටක නිශ්පාදිත ජීව අත් බෝම්බ 01ක්, මෙරට නිශ්පාදිත බවට සැක කළ හැකි ජීව අත්බෝම්බ 02ක්, කඩු 01ක් හා උල් පිහි 02ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විමර්ශන ආරම්භ කෙරුණු අතර නිවසේ පදිංචිව සිටින අඹුසැමි යුවලගෙන් හා ඔවුන්ගේ පුතු අත් අඩංගුවට ගෙන සූරියවැව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මූලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ මෙම නිවසේ පදිංචි අඹුසැමි යුවලගේ 18 හැවිරිදි පුත්‍රයා කලක සිට කුඩා ලොරි රථයකින් පොල් කටු එකතු කිරීමේ ව්‍යාපාරයක නිරතව ඇති බවත් ඒ අතරතුර එළවළු ව්‍යාපාරයක් කිරිමට බලාපොරොත්තුවෙන් මිට මාසයකට පමණ පෙර සිය මවගේ නමට ෆිනෑන්ස් එක්ක දමා මෙම ලොරි රථය මිළදී ගෙන ඇති බවත්ය.

ව්‍යාපාරය ආරම්භ කරන තුරු ලොරි රථය නිවස ඉදිරිපිට මිදුලේ නවතා තිබියදී මෙම සිදුවිම වාර්තා වි ඇති බව අනාවරණය වේ. මෙම ආයුධ සොයාගන්නා අවස්ථාව වන විටත් එම ලොරි රථය සතියක පමණ කාලයක් තිස්සේ එකම තැන නවතා තබා තිබී ඇත.

එමෙන්ම ජන්ද මධ්‍යස්ථානයකට පහරදිමක් සම්බන්ධයෙන් ලද තොරතුර සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විමර්ශන ආරම්භ කෙරුණු නමුත් එවැනි කිසිදු තොරතුරක් පොලිස් විමර්ශන වලදී අනාවරණය වි නොමැත.

මෙය කිසියම් පුද්ගලික පළිගැනිමක සදහා සිදුකල ක්‍රියාවක් වන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි නියෝග කළේ ජීව අත්බෝම්බ හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත යොමුකර නිශ්ක්‍රිය කර ඒ පිළිබද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (54848) සමරසිංහ ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන වාර්තා සඳහා දෙසැම්බර් 06 දින අධිකරණය හමුවේ නඩුව කැදවිමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹාන ඡන්ද නිලධාරියෙකුගේ මරි මෝඩ තීන්දුවක් නිසා දඹානේ ආදිවාසී ප්‍රජාව ඡන්දය වර්ජනය කරති!

Next Post

ඡන්දපොලේ දී චන්ද පත්‍රිකාව ඉරා දැමූ පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.