දිනසේන රතුගමගේ –
දකුණේ සිංහල ජනතාවගෙන් එල්ලවන දැඩි විරෝධයට මැඩ ගැනීම සඳහා උතුරේ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට ගිය අගමැතිවරයාට දෙමළ ජනතා විරෝධය හේතුවෙන් නල්ලූර් කෝවිලවත් වැඳ පුදා ගැනීමට නොහැකි වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මාධ්‍යයට හෙළි දරවු කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ තවත් බෞද්ධ ආගමික වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ නමුත් දෙමළ ජනතාවගේ දැඩි විරෝධය මත ඒම වැඩ සටහන් අවලංගු වූ බව මන්ත්‍රීවරයා පැවසුවේය. දකුණේ විරෝධය සමනය කරගැනීමට උතුරේ බෞද්ධයින් නොමැති ස්ථාන වල බුදු පිළිම තැන්පත් කිරීමටත් බෞද්ධ විහාරස්ථාන අලුතින් ඉදිකිරීමටත් පටන් ගෙන ආණ්ඩුව උතුරත් දකුණත් දෙකම අහිමි කරගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ ( 21) ප්‍රකාශ කළේ මේ ඇස්බැන්දුම්වලින් ආණ්ඩුවට දකුණේ සිංහල බෞද්ධ ජනතාව රැවටිය නොහැකි බවය.
රජයේ වැරදි ප්‍රතිපත්තිය නිසා මේ වන විට මුළු රටම දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටින බවත් මේ අර්බූදය නිසා ජනතාව රජය සමග දැඩි කෝපයකින් සිටින බවද සදහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා යාපනයට පැමිණ බෞද්ධ ප්රබෝධය ඇති කිරීම සඳහා වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ බව පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉන් උතුරේ දෙමළ ජනතාව රජය කෙරෙහි යම් විශ්වාසයක් තිබුණේ නම් එයද තුරන් වී ගිය බවද ප්‍රකාශ කළේය.