බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ලෙබනනයේ Nabatieh නාගරික මුලස්ථානයට එල්ල වූ ඊශ්‍රයාල ප්‍රහාරයෙන් නාගරාධිපති මරුට..

by editor
ඔක්තෝබර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය බදාදා දකුණු ලෙබනනයේ ප්‍රධාන නගරයක් වන Nabatieh හි නාගරික මූලස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එම නගරයේ නගරාධිපති  අහමඩ් කාහිල්  සහ අවම වශයෙන් තවත් පස් දෙනෙකු මිය ගොස් ඇති බව රොයිටර් වාර්තා කරයි.

ලෙබනනයේ  සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බවත් නගරාධිපතිවරයාගේ මරණය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් තහවුරු කර තිබෙන බවත්ය.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශ සඳහා සැලසුම් කරන ලද ඊශ්‍රායලයේ ගුවන් මෙහෙයුමට මෙතෙක් දකුණු ලෙබනනයේ ඉතිරි වී ඇති රාජ්‍ය නිලධාරීන් සහ ගොඩනැගිලිද වැඩි වැඩියෙන් ඇතුළත් වනු ඇතැයි යන බිය මෙම ප්‍රහාරයෙන් පසු මතුව තිබේ.

ලෙබනනයේ භාරකාර අගමැති නජීබ් මිකාටි පළාත් අගනුවරට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ “නගරයේ සේවා සහ සහන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවු නගර සභා රැස්වීමක් ඊශ්‍රයාලය හිතාමතාම ඉලක්ක කර ගත්” බවය.

එය සති දෙකකට පසු ලෙබනන් රාජ්‍ය ගොඩනැගිල්ලකට එල්ල වූ වඩාත්ම ප්‍රබල ඊශ්‍රායල ප්‍රහාරය වූයේය. ඉහළ යන මරණ සංඛ්‍යාව සහ කලාපයේ සමස්ත යුද්ධයේ බිය පිළිබඳව එක්සත් ජනපදයේ කනස්සල්ල නොතකා එම ප්‍රහාරය එල්ල වී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඊශ්‍රායලය දස දහස් සංඛ්‍යාත ජනතාවක් වෙසෙන නගරයක් වන Nabatieh සඳහා ප්‍රථම වරට ඉවත් වන ලෙස කරන ලද දැන්වීමකින් අනතුරුව   ඊශ්‍රායල හමුදාව  කියා සිටියේ තමන් Nabatieh ප්‍රදේශයේ හිස්බුල්ලා ඉලක්ක දුසිම් ගනනකට පහර දී භූගත කඳවුරු බිඳ දැමූ බවය. මෙම ප්‍රහාර සදහා භූමියේ සිටින හමුදා සහයෝගය ද ලබා ගත් බව ඊශ්‍රයාලය කීවේය.

ඊශ්‍රායලය දැන් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සහ ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් හමාස් සමඟ සටන් කරයි. අද මෙම ප්‍රහාරයට පෙර අවම වශයෙන් එක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් ලෙබනනයේ අග නගරයවන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට පහර දුන් බව රොයිටර් සාක්ෂිකරුවන් පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට ඊශ්‍රයාලය ලෙබනනයේ අග නුවරවන බීරූට්  ද සිය ඉලක්කයක් කරගෙන තිබේ.   ඊයේ ඇමරිකානු  රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් පැවසුවේ, මෑතදී බේරූට් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පරිපාලනයට සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු ලෙඩ අරන් බන්ධනාගාර රෝහලට රිංගන්න හැදූ ඇලෝසියස්ගේ ඉල්ලීම බන්ධනාගාර සෞඛ්‍ය අංශ ප්‍රතික්ෂේප කරයි…

Next Post

ජනපති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා මුල පුරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.