ලලිත් චාමින්ද –
තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරු වූ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ පවසයි.
තම පුද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අප කළ විමසුමකදි පැවසිය.
වැඩිදුර ප්රථිකාර සඳහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද හෙතෙම පවසයි.
මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි. ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්රිතයකු වන අතර පළමුපෙළ ආශ්රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන් 18 දෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත.