බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොප්පිගල ඇතුළු නැගෙනහිර රක්ෂිත රැසක් හා පුරාවස්තු ඩෝසර් දමා විනාශ කරනවා….

මේ වන විට අක්කර 1500ක රක්ෂිත සම්පූර්ණයෙන් වනසලා....

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නැගෙනහිර පළාතේ මඩකලපුව තොප්පිගල රක්ෂිතය ඇතුළු වඩමුනේ, උත්තුචේන රක්ෂිත රැසක් හා පුරාවස්තු මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි කිසියම් පිරිසක් විසින් ඩෝසර් දමා මේ වන විට විනාශ කරමින් පවතින බව ප්‍රදේශයේ පරිසරවේදීන් මෙන්ම ගම්වාසීන්, ගොවි නියෝජිතයෝ සඳහන් කරති.

තිස් දෙනෙකුගෙන් පමණ යුත් දෙනෙකුගෙන් කණ්ඩායමක් මේ වන විට අක්කර 1500 ට ආසන්න රක්ෂිත ප්‍රමාණයක සම්පූර්ණයෙන් වනසා තිබෙන බවත්, ඔවුන් එහි වී වගාව සිදු කිරීමට යැයි පවසා දිවා රාත්‍රීි ඩෝසර් කරමින් පවතින අතර එම රක්ෂිතවල සිටින වන සතුන්, මෙන්ම වන අලි ගම්වැදීමට පටන්ගෙන ඇති බවද උත්තුචේන ගම්වැසියෝ සඳහන් කරති.

එම රක්ෂිත තුළ පැල්පත් ඉදිකරමින් මෙම සංවිධානාත්මක ජාවාරම්කරුවන් ගිනි අවි නිෂ්පාදනය කරගනිමින් එම වනාන්තරවල සිටින මොනරුන්, මුවන්, හාවන්, මීමින්නන්, මෙන්ම වන සතුන් දඩයම් කරමින් මස් ජාවාරමක නිරත වන බවද ගම්මු කියති.

මේ වන විට තොප්පිගල රක්ෂිතයේ වඩමුනේ ප්‍රදේශයට වන්නට අක්කර ගණනාවක් මෙම ජාවාරම්කරුවන් විසින් ඩෝසර්කර ඇති අතර උත්තුචේන, වඩමුනේ ඇතුළු රක්ෂිත වනසා තිබෙන බවත්, එහි තිබෙන වටිනා පුරාවස්තු රැසක් විනාශ කර තිබෙන බවද උත්තේජන ගම්වැසියෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අදාළ බලධාරීන්ට ලිඛිත හා වාචිකවත්, දුරකථන ඇමතුම් මේ පිළිබඳ දැනුම්වත් කළද ඊට මෙතෙක්, කිසිදු බලධාරියකු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බවත්, බලහත්කාරයෙන් රජයේ ඉඩම් සහ රක්ෂිත වන වනාන්තර අල්ලා සිදුකරන මෙම ජාවාරම නිසා සතුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇති බවද ඒ අවට ගම්වාසිහු පවසති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම රක්ෂිතවල තිබෙන වටිනා පළු, වීර, බුරුත, ඇතුළු ශාක වර්ග ඩෝසර් මඟින් දිවා රාත්‍රියේ බිම් හෙළන බවත්, මෙම ජාවාරම්කරුවන්ට පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන සමහරක් දේශපාලඥයන්ගේ රැකවරණය ලැබී තිබෙන බවත්, ඔවුන්ගේ අනුගාමිකයන් මෙන්ම ආධාරකරුවන් මෙම අපරාධයන් පිටුපස සිටින බවට තොරතුරු දැනගන්නට ලැබී ඇති බවද ප්‍රදේශයේ පරිසරවේදී හා ගොවි සංවිධානය සඳහන් කරති.

අප මේ පිළිබඳව මහවැලි බී කලාපය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම ඉඩම්බල ප්‍රදේශ මහවැලියෙන් පාලනය නොවන බවත්, එය වැලිකන්ද සහ කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පාලන ප්‍රදේශ බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට මහවැලි ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් ඉතා කඩිනමින් යොමු කරන බවද සුගත් වීරසිංහ මහතා කීවේය.

මෙම රක්ෂිත, පුරා වස්තු ස්ථාන මෙන්ම වනාන්තර විනාශ කිරීම අප වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරූන් නිශා මහත්මියගෙන් දුරකථන‍යෙන් කල විමසීමකදී ඇය පැවසුවේ, ඩෝසර් දමා විනාශ කරන රක්ෂිත ප්‍රදේශ තම බලප්‍රදේශයට අයත් නොවන බවයි.

අනතුරුව අප මේ පිළිබද කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධා‍රියෙකු සඳහන් කළේ මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර උත්තරයක් ලබාදෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේග බට්ටාට වෙඩි තබන්න යතුරුපැදිය දුන් මීගමුව අවුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා අත්අඩංගුවට…

Next Post

වතුර සොයාගෙන ගිය පොඩි අලි පැටියෙකු දවස් 6 ක්ම මඩේ එරිලා…..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.