තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ පැවැත්වුණු ගොනුන් මෙල්ල කිරීමේ තරගයකට සහභාගී කළ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොන්ඩමන් මහතාට අයත් ගොනකු ජයග්‍රහණය කොට රන් පදක්කමක් හිමි කර ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
ගොනුන් මෙල්ල කිරීමේ ඉතා අවදානම් සහගත දමිළ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ජල්ලිකට්ටු තරගයට තොන්ඩමන් මහතා වාර්ෂිකව සහභාගී වන්නෙකි. ඔහුට අයත් ගොනුන් දෙදෙනකු මෙම තරගයට ඉදිරිපත් ව ඇති අතර එයින් මසචකාලෙයි නමැන් හඳුන්වන ගොනා විසින් එය ජයගහණය කරනු ලැබ ඇත.
දකුණු ඉන්දියාවේ මදුරෙයි දිස්ත්‍රික්කයේදීදී මෙම තරගය පැවැත්විණි.
2017 වසරේදී ද සෙන්දිල් තොන්ඩමන් මෙම තරගයෙන් ජයග්‍රහණය කර ඇති අතර ඒ වෙනුවෙන් ඔහුට මරුති ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් සමඟ ත්‍යාග රැසක්ද පිරිනමා ඇති බව සඳහන් වේ.
ජල්ලි කට්ටු ක්‍රීඩාව පසුගිය කාලවල උතුරුකරයේද ස්ථාන කිහිපයක පැවති අතර මෙය සතුන්ට හිංසා පමුණුවන ක්‍රිඩාවක් බැවින් ඒ සම්බන්ධයෙන් සත්ත්ව ලෝලීන් අතර විරෝධයක්ද නිර්මාණය විය.
ඡායාරූපය IBC Tamil අනුග්‍රහයෙනි.