අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නීතිය අනුකම්පාවෙන් වසාගෙන දරුපැටවු යොදාගෙන හිඟාකන නුවර ගෑණු!

by editor
ජනවාරි 23, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
M.B.B.S (PERADENIYA), LL.B (O.U.S.L),
වෛද්‍ය නිලධාරි, ජාතික රෝහල මහනුවර

පසුගිය සතියේ දිනයකි.  වේලාව රාත්‍රී 9.30 ට පමණ  වන්නට ඇත.   පොද වැස්සකි. මම මහනුවර දළදා  මාළිගාව ඉදිරිපිට ඇති තෝසෙ කඩයක් ඉදිරිපිට  මගේ ඇනවුම පිළියෙළ කරන තුරු වාහනය තුළට රැඳී සිටියෙමි.

ඉදිරිපස වීදුරුවෙන් තෝසේ කඩය ඉදිරිපිට රැජණ හෝටලය අසලින් දිවෙන පදිකවේදිකාව පැහැදිලිව පෙනේ.    පැවති සිහින් වැසි බිඳු අතරින් ඉදිරිය බලන විට පදිකවේදිකාවේ මට පිටුපා  කාන්තාවක් සිටින ආකාරය දක්නට ලැබුණි. කාල වර්ණ  කෙසඟ සිරුරකින් යුත් ඇය සුදු පැහැති බ්ලවුසයක් සහ කළු පැහැති දිගු සායකින් සැරසී සිටියාය. කොන්ඩය හිස් මුදුනට කොට ගැටගසා තිබිණි. ඇය පසෙකට හැරුන  ක්ෂණයෙන් මා දුටුවේ ඇය අත  රඳවාගෙන සිටි  ඉතා කුඩා බිළිඳාය. රෙදි කඩකින් ඔතා ගෙන මුහුණ පමණක් නිරාවරණය කොට ගෙන සිටි බිළිඳාට තදින් නින්ද ගොස් තිබූ අතර කාන්තාවගේ  අතේ තරමක් ලොකු සුදු සහ නිල් පැහැති ගමන් මල්ලක් විය. රෝහලකින් නිකුත් කරන ලද බවට පෙනී යන කුඩා රෝග නිශ්චය කාඩ් පතක් ද ඇය අත තිබිණි. එම කාඩ් පත සහ දරුවා පෙන්වමින් ඇය සිඟමනේ යෙදුනේ දරුවාට බෙහෙත් අරන් දීමට මුදල් එකතු කරන බවක් පෙන්වමිනි.

මා නිරීක්ෂණය කළ විනාඩි 10 ක පමණ කාලය තුළ ඇය රුපියල් පන්දාහකට අධික මුදලක් සිඟමන් ලෙස උපයා ගත්තායැයි උපකල්පනය කරමි. ටික වේලාවකින් එම ස්ථානයෙන් ඉවත් වූ කාන්තාව දරුවාද සමග  අසල නවතා තිබූ මාගේ වාහනය වෙත පැමිණියාය.

“මහත්තයා දරුවාට බෙහෙතක් ගන්න කීයක් හරි දෙන්න” බාගෙට ඇර තිබූ වාහනයේ වීදුරුව අසලට පැමිණ ඇය ඉල්ලා සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මොකක්ද දරුවාට ඕනේ බෙහෙත ? ” මම ප්‍රශ්න කළෙමි. එම ප්‍රශ්නයෙන් කලබල වූ ඇය කලබල වූවාය.

“මල්ටි විටමින් එකක් ‘ … ඇය විපිළිසරව උත්තර දුන්නාය.

මල්ටි විටමින් යනු අත්‍යවශ්‍ය ඖෂධයක් නොවන බවත් දරුවා පෙන්වමින් මෙලෙස සිඟමනේ යෙදීම  නීතිවිරෝධී බවත්  මම  ඇයට පවසා සිටියෙමි.

තමා සිඟමනේ යෙදෙන්නෙ පොලිසියේ දැනුවත් වීම මත බවත් ඕනෑම කෙනෙකුට කියා පුළුවන් දෙයක් කරන ලෙසත් ඇය උස් කෑ ගසා මට අභියෝග කළාය.

මේ කාන්තාව සහ දරුවා දෙස  හොඳින් බලන විට මට මතක් වූයේ මීට පෙර කිහිප දිනක්ම ඇය මෙම දරුවා වඩාගෙන දළදා වීදියේ ඩෙවොන් ආපන ශාලාව ඉදිරිපිට සහ  මහනුවර කොමර්ෂල් බැංකුව ආසන්නයේ  දිවා කාලයේදී ද  සිඟමනේ යෙදෙන බවය.    මා ඇය දුටු සෑම මොහොතකම දරුවා තද නින්දේ පසුවෙමින් සිටි බව ද සිහි විය.

කුඩා දරුවෙක් මේ ලෙස අසීමිත ලෙස නිදාගැනීම අස්වාභාවික තත්ත්වයකි .  පසුදින උදෑසන මා නගරය පුරාම ඇය සෙවු නමුත් ඇය එදින නගරයේ නොසිටියාය. නමුත් නගරයේ නොයෙකුත් ස්ථාන වල විවිධ වයස්වල ළදරුවන් යොදාගනිමින්   කාන්තාවන් සිඟමනේ යෙදෙනු දක්නට ලැබුණි. ඒ බොහෝ දරුවන් ද ගැඹුරු නින්දේ පසුවන බව දක්නට ලැබුණි. ඉන් පසුව දින කිහිපයක්ම    මාගේ හිතවත් මාධ්‍යවේදියෙකු සහ මාධ්‍යවේදිනියක සමග මෙම කාන්තාවන් සිඟමනේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කළෙමු. වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි එක් කරගතිමු.  ඉන් අනතුරුව   මහනුවර මූලස්ථාන පොලීසිය වෙත ගොස් එහි කාන්තා කාර්යංශයේ දරුවන් සිඟමනේ යෙදවීම පිළිබඳව පැමිණිල්ලක් කළෙමු.

සොයා ගන්නා ලද තොරතුරු අනුව පෙර කී කාන්තාව තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තැනැත්තියකි. දිනකට රුපියල් 7000 ක ට අධික මුදලක් ඇය මත්ද්‍රව්‍ය සඳහා  වියදම් කරන බව පදික වේදිකාවේ වෙළදාම් කරන පිරිස කීවේය. තවත් තොරතුරකින් කියවුණේ දරුවන් දෙදෙනකු වරින්වර ඇය විසින් මෙලෙස රැගෙනවිත් සිඟමනේ යෙදෙන බවය. ඇයගේ වැඩිමහල් දරුවා මේ වන විටත් පරිවාස ගත කර ඇති බව දැනගන්නට ලැබිණි.

මව්කිරි මගින් මත්ද්‍රව්‍ය දරුවාගේ සිරුරට ඇතුළු විය හැකියි..

දරුවාගේ මව මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්  මව්කිරි මගින් එම මත්ද්‍රව්‍ය ශරීරගත වීම නිසා දරුවා දැඩි ලෙස නිද්‍රාශීලී විය හැකියි. එසේ නොවේ නම් දරුවාට යම් කිසි රසායන ද්‍රව්‍යයක් ලබාදීම නිසා මේ අන්දමට තද නින්දට වැටෙනු විය හැකියි. මේ නිසා මා පොලීසියේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ  මෙම කාන්තාවන් සහ දරුවන් පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසත් ,එම කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේද ?දරුවන්ට මත් වීම සඳහා යම් රසායනිකයක් ලබාදී තිබේද? සහ එම දරුවන්ගේ සැබෑ මව්වරුන් වන්නේ එම කාන්තාවන් ද ? යන්න සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසය.  දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා එම දරුවන් ළමා නිවාස ගත කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසය.

සිඟාකෑම නීතියෙන් තහනම්

සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති “අපරාධයකි ‘.  මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරණ අයාල ආඥා පනතේ 3  (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසා ගත හැකි, එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ  පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නාවූත්,  එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොද වන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත්, සෑම කෙනෙක්ම සහ  එම ආඥා පනතේ 4 (ඈ)  වගන්තියට අනුව  එහි මෙහි ඇවිදමින් හෝ කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක  මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග  ප්‍රදර්ශනය කරමින් සිඟමන්  ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත.

එසේම එම ආඥා පනතේ  4 (ඉ)වගන්තියෙ  දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින්  තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබා ගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාර ගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දන්වා ඇත.

මේ අනුව පොදුවේ සියලු  ආකාරයේ සිඟාකෑම් මේ අනුව අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලියි.දරුවන් යොදවා සිඟා කෑම

දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව  අපේ රටේ ප්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්‍රකාශ කර ඇත

“සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹේ වීමේ කාර්යය සඳහා (යම් සින්දු කීමේ, ක්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ  හෝ වෙනත් ආකාරයක ව්‍යාපාර යක් ඇතත් නැතත් ) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයෙකුට සලස්වන හෝ කුට්ටනය කරන කවර හෝ තැනැත්තෙකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය .”

එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 287වගන්තියෙන්   එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්තඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමථයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද  දක්වා ඇත .

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීමද අයත් වන බවයි .එසේම 1998 අංක 28දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන ) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න  ද ඒ අයුරින්ම අර්ථ දක්වා ඇත .

මීට අමතරව 1939 අංක 48 දරණ ළමා හා යෞවන ආඥා පනතේ 74  වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම  තහනම් කොට ඇත .ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින්  එක් ආකාරයක සිර දඬුවම් සහ  දඩ නියම කොට ඇත.

මීට අමතරව  දරුවා ගේ භාරකාරත්වය කරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීර ගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත් කිරීම සම්බන්ධව  වසර 2 සිට 10  දක්වා කාලයක්  බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිර දඬුවම් සහ දඩයක් නියම කළ හැක.

මේ අයුරින් සලකා බලන විට ළමුන් සිඟමනේ යෙදවීමෙන් ආරක්ෂා කර ගැනීමට අප රටේ තදබල නීති පද්ධතියක් ඇති බව පෙනීයයි. එපමණක්ද නොව සියලු ආකාරයේ සිඟමන් යැදීම තහනම් කොට ඇත.

සිඟාකෑම ඉහළ ආදායමක් ලබන ජාවාරමකි

බෞද්ධ සංස්කෘතියක් ඇති අපේ රටේ බොහෝ දෙනා පින් තකා මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ආධාර දෙති. නමුත් සත්‍ය වශයෙන්ම මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන් ලංකාවේ ඉහළම ආදායම් ලබන පුද්ගලයන් බවත් ඔවුන් සත්‍ය වශයෙන්ම සිඟමනේ ” ජාවාරමක ” සාමාජිකයන් බවත් ඔවුන් ගැන සොයා බැලුවහොත් දක්නට ලැබේ. අත් පා නැති බොහෝ සිඟන්නන් දළදා මාළිගාව   අබියසට රෑ පහන් වන විට ම පැමිණ ස්ථානගත වන්නේ    ජාවාරමේ හිමිකරුවන්ගේ වාහන වලිනි.

මහනුවර පමණක් නොව ලංකාවේ සුන්දර නගර බොහොමයක් යාචක පුරවරයන් බවට පත්ව ඇත්තේ මෙම ජාවාරම හේතුවෙනි. මෙම කිසිදු හිඟන්නෙකු වැඩිහිටි නිවාසයකට හෝ රැකවරණ මධ්‍යස්ථානයකට යෑම එකහෙළා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මෙම ජාවාරමෙන් ඔවුන්ට ඉහළ මුදලක් උපයා ගත හැකි බැවිනි. එම පුද්ගලයන්ට පින් තකා මුදල් ලබා දෙන ඔබ සිදු කරන්නේ එම ජාවාරමට තව තවත් සහයෝගය දීමකි. පින් කර ගැනීමට නම් සැබැවින්ම උපකාර අවශ්‍ය  බොහෝ අසරණ දරුවෝ, පවුල් අපේ රටේ  බොහෝ සිටිති .

රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම

දැයේ දරුවන්ගේ සුබසාධනය සඳහා වැටුප් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් බොහෝ සිටිති. ප්‍රදේශයක් ගත් කල, ප්‍රාදේශීය ලේකම් , ග්‍රාම නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, පරිවාස නිලධාරී ,පොලිස් නිලධාරීන් , ජාතික ළමාරක්ෂක  අධිකාරියේ නිලධාරීන්  සහ කම්කරු නිලධාරීන් මෙම ගණයට අයත් වේ. නමුත්  සිඟමනේ යෙදෙන දරුවන්, පාසල් නොයවන දරුවන් , රැකියාවලට යොදා ගන්නා දරුවන් විශාල ප්‍රමාණයක් නිරතුරුව අපට දක්නට ලැබේ.    නිලධාරීන් උනන්දුවෙන් සහ  කැපවීමෙන් සිය රාජකාරි ඉටු කරන්නේ නම්  දරුවන් මෙවන් තත්ත්වයකට පත් නොවන බවට නම් සැකයක් නොමැත .

වගකිවයුතු පුරවැසි ඔබගේ වගකීම

නිලධාරීන් උකටලීව කටයුතු කළ ද  වගකිවයුතු පුරවැසියන් ලෙස ඔබ නිහඬ විය යුතු නැත. ඔබ අද නිහඬව සිටිය හොත් මෙම වීදි දරුවන් අනාගතයේ විවිධ අපචාරවලට ගොදුරුවී සමාජ විරෝධී පුද්ගලයන් බවට පත් වී පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොරුන් මංකොල්ලකරුවන් ගණිකාවන්  විය හැක.  එවිට අනාගතයේ අපේ දරුවන්ට ද ජීවත්වන්නට සිදුවන්නේ එම සමාජය තුළමය.

එබැවින් මෙම අසරණ දරුවන් එවන් තත්වයකට පත් කිරීමට ඉඩ නොදී , නිලධාරීන් ලවා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම ඔබ අප සැමගේ වගකීමකි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි- තානාපති සම්බන්ධතාවලටත් බාධා

Next Post

තොන්ඩමන්ගේ ගොනාට රන් පදක්කමක්

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.