දැනට අවශ්‍ය තෙල් සපයා ඇති බැවින් විදුලි කප්පාදුවක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
තමන් උත්සහ කරන්නේ හැකිතාක් විදුලි කප්පාදුවක් නොකොට පවත්වාගෙන යාම බව හෙතෙම කියාසිටී.
“දැනට අපට අවශ්‍ය තෙල් හම්බවෙලා තියෙන්නේ. අපි ක්‍රියා කරන්නේ අපිට ඕන විදුලි කරන විදුලිය සම්බන්ධයෙන් පමණයි. අපිට ඕන විදුලි ධාරිතාව තියෙනවනම් අපි එක ක්‍රියාත්මක කරන්නේ නෑ තෙල් ප්‍රවේසම් කරගන්නවා. අපි කාල සටහනක් ඉදිරිපත් කළේ කපන්න වුනොත් කපන්න කියලා. ඒ උනාට විදුලිය විසන්ධි කරන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ විසන්ධි නොකර පවත්වාගෙන යන්න දැන් ඒක තමයි අපි කරගෙන යන්නේ. මම දන්නා තරමින් අද විදුලිය කැපෙන්නෙ නෑ.” අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කීය.
මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව කීය.
“පසුගිය දිනවල විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධව අවස්ථා කිහිපයක් අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට 22 දින දක්වා අපට දැවි තෙල් ලබා දීමට පොරොන්දු වුණා. ඒ අනුව දැනට දැවි තෙල් ලබාදීම සිද්ධ වෙනවා. ඊට අමතරව ඩීසල් ඉල්ලීමක් කර තිබෙනවා. මේ දිනවල විදුලිබල කැපීමට හෝ වෙනත් දෙයක් සිද්ධ වෙන්න බෑ. ජනතාවට විදුලිය විසන්ධි වීමකින් තොරව විදුලිය ලැබෙන බව තමයි අපේ විශ්වාසය. ඒත් ඒ අවස්ථාව වෙනකොට සපුගස්කන්දට දැවි තෙල් ලබා දෙන්න ඕන සපුගස්කන්ද එතන තියෙන නළ පද්ධතිය හරහා. ඒ අනුව ඒ අවස්ථාවේ සපුගස්කන්දට දැවි තෙල් ප්‍රමාණය ලබා දී තිබුණා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 1200ක ප්‍රමාණයක්. දිනකට 400ක් බැගින්. හැබැයි දිනකට 600ක් බැගින් භාවිත කරපු නිසා විශාල වශයෙන් දැවිතෙල් භාවිත කර තිබෙනවා. වැඩිපුරම ප්‍රශ්න මතුවුණේ ඒක නිසයි. දැනට අවශ්‍ය ප්‍රමාණය ලැබිලා තියෙනවා.” යැයි ද සභාපතිවරයා කීය.