සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තෙල් ටැංකි දීලා ඉවරයි – මට තියෙන්නෙ ගන්න” – ඇමති උදය ගම්මන්පිළ

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයම කලකට පෙර අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දී අවසන් නමුත් තමා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වුවද තමන් සේවය කරන ස්ථානය පිලිබඳ නිවැරදි තොරතුරු නොදැන සිටීම කනගාටුවට කරුණක් බවයි.

ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකතු වී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දියානු විදේශ ලේකම්වරයාත් මමත් ත්‍රිකුණාමලයට ගොස් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාර දීමට කටයුතු කරමින් ඉන්නවා ඒ කියලා එම මාධ්‍ය හමුවේ දී චෝදනා නගනවා. තමන් සේවය කරන ස්ථානය පිලිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිති විසින් නොදැන සිටියත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයම 1987 සහ 2003 අත්සන් කල ඉන්දු – ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණමයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රිකෙනෙක් මෙන්න උදය ගම්මන්පිල ඇමතිතුමයි ඉන්දියාවේ විදේශ ලේකම්තුමයි ත්‍රිකුණාමලයට ගමන්කරණ හෙලිකොප්ටරයේ දර්ශණයක් කියලා, මාධ්‍ය වලින් හෙලි කොප්ටරයක්ද පෙන්වන වා. ඒ ලේකම් වරයා මා සමග හෙලිකොප්ටර් සවාරි යනවා තබා මා හමු වීමට අවස්ථාවක් වත් ඉල්ලා නෑ. එමෙන්ම ඉන්දියාවේ දී ප්‍රසිද්ධ කර තිබුණු ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරණු ලබන කාරනා අතර මා සමග සාකච්ඡා කිරීමට අදාල හෝ මගේ විශයට අදාල කිසිදු කරුණක් සදහන් වෙලත් නෑ.

දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි. උදය ගම්මන්පිලට ඉතිරිව ඇත්තේ යලි එය ඉන්දියාවෙන් ලබාගැනීම පමනයි කියන එක අපේ පූජනීය ඕමල්පේ නායක ස්වාමීන්වහන්සේට ඉතාම නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. අපේ නායක හාමුදුරුවනේ ඔහොම බොරු කියන්න එපා දේශපාලනික අරමුණු වෙනුවෙන්. මොකද මුසාවාදා සිල්පදය ගිහියන්ට වගේම ඔබ වහන්සේලාටද අදාලයි කියන එක නමස්කාර පූර්වකව උන්වහන්සේට සිහිපත් කරණවා.

ඒ වගේම තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳින්න පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය ඒකට අපි විරුද්ධ වෙනවාය කියන එක විපක්ෂයේ මන්ත්‍රිවරුනුත් තෙල් සංස්ථා වෘතීය සමිතිත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශකර තිබෙනවා. ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩට ගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාල නීති විධිවිධාන තියෙන පනතක්. තෙල් සංස්ථාව ගැන එක වචනයක් මෙම පනතේ කොතනකවත් සදහන් වෙන්නේ නෑ. මහ පොලව යට සැගවී තිබෙන තෙල් හා ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩදාන්න අපි දරණ වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි කියන එක අපි ඉතාම කනගාටුවෙන් වුනත් සිහිපත්කරණ්න ඕනෑ.

මීට මාස දෙකකට පමණ පෙර ඔය වෘතීය සමිතිවලම අය ඇවිත් ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා යැයි මාධ්‍ය හරහා කිව්වා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවයි කිව්වා. ඛනිජතෙල් හිගයක් ඇතිවෙනවයි කිව්වා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසිවෙන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කි්වවා. මේ අයගෙන් බොරු තුනයි. ඒ නිසා මේ අය කියන දේවල් තව දුරටත් විශ්වාස කල හැකිද කියන එක මේ රටේ ජනතාව විසින් තීරණය කල යුතුයි.

විශේෂයෙන්ම තෙල් ටැංකි එජාප ආණ්ඩු විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට බාරදෙන විට නිහඬව සිටි එජාප වෘත්තීය සමිති මම ඒවා ඉන්දියාවෙන් ආපසු ගන්න හදන විට “ඉන්දියාවට දෙනෝ” කියලා කෑ ගැසීම දෛවයේ සරදමක් විදිහටයි අපිටනම් හදුනාගන්න පුළුවන් වෙන්නේ.

ඉන්දියානු විදේශ ලේකම් වරයා ත්‍රිකුණාමලයට ගියා තමයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකිද බැලුව තමයි. පසුගිය රජය එය ඉන්දියාවේ භුක්තියට බාරදීලා තියෙන නිසා ඒ අයට සම්පුර්න අයිතියක් තියෙනවා ඒ අයට ඒක බලන්න යන්න. ඒක කාගෙන්වත් අහන්න, අවසර ගැනීමේ අවශ්‍යතාවක් නෑ, අපි හදන්නේ මේ තෙල් ටැංකි ටික නැවත අපේ භාවිතයට ලබාගන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන යකඩ ගොඩක් බවට පත්ව ඇති මේ තෙල් ටැංකි රටේ ප්‍රයෝජනයට ගැනීමට හදද්දී ඊට විරුද්ධ වෙන්නේ රටේ සතුරන් පමණයි කියන එක අප නැවත වතාවක් කියනවා.

ඉන්දියානු විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ අපේ තෙල් ටැංකි ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයා කිව්වාම අනිත් වෘත්තීය සමිති නායකයින් කිසිම සොයා බැලීමකින් තොරව අපේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවෝ කියා මුර ගාන්න පටන් ගත්තා. වෘත්තීය සමිති තමන්ගේ ආයතනය වෙනුවෙන් සොයා බැලීම කතාකිරීම ඇත්තෙන්ම හොද දෙයක්. නමුත් ඔවුන් තම අදහස් පල කල යුත්තේ කරුණු සොයා බලා සත්‍ය තොරතුරු මත පදනම්ව තාර්කිකව මිස ඕප දූප මත පදනම්ව ආවේගශීලීව නොවේ.

මේ අය රටේ ඇති කල බොරු කලබැගෑනිය දැක්කම මට සිහිපත් වෙන්නේ තල් ගසක් යට නිදා සිටි හාවෙක් තල් ගෙඩියක් තල් අත්තට වැටෙන විශාල ශබ්දයක් ඇහුනම වහාම නින්දෙන් බයවී ඇහැරලා ලෝකය පෙරලනවෝ කියලා කැලය හරහා දුවන කොට අනික් සත්තුත් කිසිදු වග විභාගයකින් තොරව හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දිව්ව කතාවයි. තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න යනවෝ කියන කතාව කියද්දී අඩුම තරමින් දැන් තෙල් ටැංකි තියෙන්නේ කා ගාවද කියන එක සොයා බලන්නේ නැතුව අපේ තෙල් ටැංකි දෙනවෝ කියල හඩ නගන වෘතීය සමිතිත් අර හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දුවපු සත්තු රැලත් අතර කිසිම වෙනසක් මටනම් පෙනෙන්නේ නෑ.”

ප්‍රශ්නය-
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අය කියන්නේ 2023 වසරේ අපට මේ තෙල් ටැංකි යළි ලැබෙන්න තියෙනවා කියලා නේද ?

පිළිතුර-
කොහෙද මේ තෙල් ටැංකි 2023 දෙනවා කියලා තියෙන්නේ. අවාසනාවකට ඔවුන් ගෙන් එක මාධ්‍ය ආයතනයක්වත් මේ ගැන ප්‍රශ්න කළේ නැහැ. පොතක් පතක් ගිවිසුමක් බලන්නේ නැතුව මේ අය සඳහන් කරන්නේ. 1987 සහ 2003 වසරවලදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඉවරයි. මම උත්සාහ කරන්නේ ඒ තෙල් ටැංකි නැවත ලබා ගන්නයි. මේ තෙල් ටැංකි තිබෙන්නේ ඉන්දියාව ගාව. ඒක දීල තිබෙන්නේ සදාකාලිකව. මම ආරාධනා කරනවා ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් වන ඉන්දු ලංකා ගිවිසුම සමඟ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමන් සහ රජිව් ගාන්ධි අගමැතිතුමා හුවමාරු කරගත් ලිපි වල දෙවන ඡේදයේ තුන්වන අනු ඡේදය කියවන්න. ඒ හරහා මේ තෙල් ටැංකි අපිට සංවර්ධනය කල හැක්කේ ඉන්දියාව සමග පමණය කියලා වගන්තියක් තියෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි කා එක්කවත් විහිළු කරන්නෙ නෑ…  බෝපිටියේ දේවස්ථානයට කළ දැනුම් දීම ගැන ආරක්ෂක ලේකම් කියයි!

Next Post

පාස්කු නඩුවේ සැක කරුවන් 24කට අධි චෝදනා ගොනු කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.