අද (14) උදෑසන තුම්මුල්ල මංසන්ධිය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය නිවේදනය කළේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇත.
අනතුරින් පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථය සංඥා ලාම්පු නොතකා ඉදිරියට ධාවනය වීම නිසා අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය පිළිබඳ බම්බලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.