දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (15) දිනයේ දී කළ ඒකාබද්ධ මෙහෙයුමක දී රුපියල් තුන් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමක් සහිත කේරල ගංජා කිලෝ අනූ හතර හමාරක තොගයක් සහ එම මත්ද්‍රව්‍ය සන්තකව තබාගෙන සිටි කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම ගංජා තොගය අත් අඩංගුවට ගන්නේ යාපනයේ චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීය.
මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී පලෙයි ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂවට ලක් කළ අවස්ථාවේදී එම නිවසේ සඟවා තිබූ උර හතරක් තුල කේරළ ගංජා පාර්සල් පනස් දෙකක් සොයාගෙන ඇති අතර කිලෝ අනූ හතරයි ග්‍රෑම් පන්සිය විස්සක් වූ එම තොගය සමග සැකකාරියක් සහ කැබ් රථයක් අත් අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගත් අතර, එම සැකකාරිය කේරළ ගංජා තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබේ.







