ලාෆ් හෝල්ඩිංග්ස් සමාගම සතු බංග්ලාදේශයේ එල්.පී ගෑස් සිල්ලරට අලෙවි කිීරීමේ ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන 23.39කට සම්පූර්ණයෙන් විකුණා දැමීමට සමාගම පියවර ගෙන ඇත.
මෙම සමාගම කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ හෙළි නොකළ ගැනුම්කරුවෙකුට මෙම ව්‍යාපාරය අලෙවි කළ බවත්, අලෙවියෙන් ලැබෙන ආදායම සමූහයේ ණය පියවීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බවත්ය.
ලාෆ්ස් ගෑස් සමාගම ඊයේ ප්‍රකාශ කළේ තමන් විසින් සිය අනුබද්ධ සමාගමක් වන බංග්ලාදේශ් ලාෆ් ගෑස් සෘජුවම හිමිව තිබූ සියයට 69ක කොටස් හෝ 2 645 203 ක සාමාන්‍ය කොටස් එක්සත් ජනපද ඩොලර් මිලියන 16.1කට ඔක්තෝබර් 15 වන දින අලෙවි කර ඇති බවය.
ලාෆ් ගෑස් සමාගම සතු ඉතිරි සියයට 31ක කොටස් හෙවත් සාමාන්‍ය කොටස් 1 188 352ක් ඇමරිකානු ඩොලර් මිලින 7.25කට එදිනම ලාෆ්ස් ගෑස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී වෙතට අලෙවි කර තිබේ.
ලාෆ් ගෑස් සභාපති ඩබ්ලිව්, කේ. එච් වෑගපිටිය පවසන්නේ කොටස් අලෙවියෙන් ලබන ආදායම් සමූහයේ ණය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා භාවිතා කරන බවයි.