අද අලුයම 3ට පමණ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නව කොළඹ සිට කින්යා දක්වා පෙට්‍රල් ලීටර 13200ක් රැගෙන ධාවනය වූ තෙල් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වූයේය.
ඊයේත් තෙල් බවුසරයක් මහිංයංගනයේ දී පෙරළී ගොස් තිබිනි. මෙම තෙල් බවුසරය මහිංයගන ඇඟලුම් කම්හලක් වෙත යොමු කළ ඇනවුමකි.
කුරුණෑගල දී පෙරළී ගිය තෙල් බවුසරය අසලට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් කැඳවා තිබිණි. අනතුරුව දොඹකරයක් සහ ආපදා රථයක් යොදා ගනිමින් බවුසරය මාර්ගයට ගැනීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳව කළ විමසීමක දී මෙවැනි අනතුරුවලට හේතුව රියදුරන් අධික වෙහෙසට පත්වීම විය හැකි බව ලංකා ඛනිජතෙල් ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත සිල්වා ලංකාසරට පැවසීය.
මේ වනවිට ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂමව කරගෙන යන බවත්, දින20කට ප්‍රමාණවත් පෙට්‍රල් රට තුළ තිබුණත් ඩීසල් නිකුත් කිරීමේ අඩුවක් ඇති බවත් ඔහු පැවසුවේය.