සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාවකාලිකව පාඩුව දරාගන්නම්… නවත්වන්න වර්ජනය කරන්න… අපි මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවා… ඇමති වර්ජකයින්ට කියයි…

by editor
අගෝස්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තැපැල් වර්ජනය නිසා තාවකාලික පාඩුවක් සිදු වුවද  දින කීපයක් ඉවසා  මේ අවස්ථාවට මුහුණ දී  තැපෑල සම්බන්ධව පැන නැගී ඇති ගැටලුවට ස්ථිර විසඳුමක් සොයා නොගතහොත් තැපෑල දියුණු කළ නොහැකි බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය හඳුන්වා දීම සහ තැපෑල සඳහා මෙතෙක් පැවති අතිකාල දීමනා ක්‍රමය වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මත ස්ථිරසාරව පිහිටන බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පසුගිය වසර තුළ පමණක් බිලියන 04ක පාඩුවක් දැරූ තැපෑල මේ වැටුප් වර්ධනයන් සමග බිලියන 7-8ක පාඩුවක් ලැබීම වළක්වාගෙන රජය වැය කරන මුදලට අදාල රාජ්‍ය වගකීම සහතික කිරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වාදීම අනිවාර්යයෙන් සිදුකරන බව ඇමතිවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට සහතික වුනේය.  ඇමතිවරයා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇතැම් සේවකයින් ලබා ගන්නා අතිකාල දීමනා හෙළි කළහොත් එම නිලධාරින්ම ලජ්ජාවට පත්වන බවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.ඒම් දුමාල් ලෙබ්බේ විසින් අසන ලද ප්‍රශ්නයකට දීර්ඝ පිළිතුරක් ලබා දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මෙසේද පැවසුවේය.

“තැපැල් වර්ජනය නිසා  ජනතාවට තාවකාලිකව පාඩුවක් වෙනවා. මගහැරීම් වෙනවා. ප්‍රමාදයන් වෙනවා. ඒ් අවස්ථාවේ දී පෞද්ගලික අංශයේ කුරියර් සේවා මිල වැඩිකිරීම් කරලා ප්‍රයෝජන ගන්න ඉඩ කඩ තියනවා. ඒ සියල්ල තිබිය දී මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න නම් යම් දවස් කීපයකට ඉවසලා මේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න ඔ්න.

දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට මම කිව්වා බඳවා ගැනීම් නතර කරලා තිබුණ ආදේශකයින් 1000ක් ස්ථිර කරන්න කටයුතු කරන් යනවා. තව ආදේශකයින් 1000ක් බඳවා ගන්නවා. මීට අමතරව බඳවා ගැනීම් රාශියක් සිද්ධ වෙනවා අගමැති කමිටුවේ අනුමැතිය දීලා තියන නිසා. මිලියන් 250ක වාහන ගන්න කටයුතු කරනවා. නව තැපැල් කාර්යාල මිලදී ගන්නවා. රිනවේෂන්වලටත් මුදල් යොදලා තියෙන්නේ. නවීකරණය කරනවා තැපැල් පද්ධතිය. මෙහෙම කරමින් තිබිය දී තමයි මේ වර්ජනය එන්නේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙතන ඉන්නේ කවුද? ශ්‍රි ලංකා නිදහස් වෘත්තීය සමිති, එක්සත් ජාතික වෘත්තීය සමිති,  සමගි තැපැල් වෘත්තීය සමිති, දන්නවා පක්ෂ මොනවද කියලා. මේ අය ඒකතු වෙලා අද මේ තැපෑලෙ වැඩ කටයුතු යම් ප්‍රමාණයකින් නතර කරලා තියනවා.  විශේෂයෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රධාන ඉල්ලීම් දෙකයි.

එකක් රාජ්‍ය සේවයේ පොදු පිළිගත්ත අතිකාල පිළිගන්න බෑ.. ඊට වඩා වැඩියෙන් දෙන්න කියලා.  ඒ්ක කරන්න බෑ. එතන අතිකාල ගන්න විදිහ කතා කළොත් ගරු මන්ත්‍රී තුමා ඒ් තැපැල් සේවකයො ලජ්ජාවට පත් වෙනවා. ඒ් නිසා ඒ් අතිකාල රජය තීන්දු කළ විදිහට ඒ් ප්‍රමාණය තමයි ලබා දෙන්න වෙන්නේ.

ඒ් වගේම අතිකාල වැඩි කරලා තිබිය දී අතිකාල දෙන්න යනකොට ‌ෆින්ගර් ප්‍රින්ට් එක ඔ්න. තැපෑලෙම ඉන්න සේවකයො පාලන කාර්යාලවල කට්ටිය ෆින්ගර් ප්‍රින්ට් ඒක පාවිච්චි කරනවා. ඇයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ඒ්ක පාවිච්චි කරන්න බැරි. ඒ් නිසා මේ ෆින්ගර් ප්‍රින්ට් එක අපි අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ් නිසා ඔබතුමාලගේ පැත්තෙනුත් මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා වගේම  මේක රජයේ සේවයට ඇතුළත් වෙලා ඉන්නවා නම් වැඩිවෙලා තියන අතිකාල පිළිගන්න.

උදාහරණයක් කියන්නම්. දෙවැනි පෙළ තැපැල් නිලධාරියෙකුගේ  රුපියල් 168ට තිබුණ ඔ්ටී පැය  රුපියල්  237ට වැඩි කරලා තියෙන්නේ.  දෙවන පෙළඹ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ  රුපියල් 257ට තිබ්බ ඔ්ටී පැය රුපියල් 370ට වැඩි කරලා තිබෙන්නේ. සාපේක්ෂව හැමෝටම වැඩි වෙලා.  මෙහෙම වැඩි කරලා භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරනකොට ඒ්කට අපට වගකීමක් තියෙන්න ඔ්න.

මේවා ගණන් හදන්නේ 2027 ජනවාරිවල අතට ලැබෙන මූලික වැටුපට. අප්‍රේල් මාසේ ඉඳන් ඔ්ටී ඒක ගණන් හදන්නේ එහෙමයි.  ඊටත් වඩා වැඩිපුර ඔ්ටී ඉල්ලනවා නම් ඒ්ක දෙන්න හැකියාවකුත් නෑ.  වැඩි කළ ඔ්ටී ඒක දෙනකොට රජයට වගකීමක් තියෙන්න ඔ්න. ඒ් නිසයි ෆින්ගර් ප්‍රින්ට් මෙෂින් එක මෙතෙන්ට ගේන්න ‍‍උත්සාහ කරන්නේ.

මේක කොහොම හරි කරනවා. ඒ් නිසා මේ පාඩුව පොඩ්ඩක් දරාගෙන මේකට මුහුණ දෙමු.  මේකට මේ වෙලාවෙ මුහුණ දුන්නොත් මේක නිරාකරණය කරගන්න පුලුවන්.  මොකද ගිය අවුරුද්දෙත් 2024දිත් අපි රුපියල් බිලියන 4ක්, ඒ් කියන්නේ මිලියන 4000ක් භාණ්ඩාගාරයෙන් වැඩිපුර අරන් තියනවා තැපැල් දෙපාර්තමේන්තුවට.

මේ වැටුප් වැඩිවීමත් එක්ක හරියට මේ වැඩේ කළේ නැතිනම් සහ ඔ්ටී අනවශ්‍ය විදිහට පාවිච්චි කරගත්තොත්  ඒ් පරතරය තව වැඩි වෙනවා. බිලියන 7 -8කට යන්න පුලුවන්කමක් තියනවා. තැපැල් දෙපාර්තමේන්තුව මහන්සිවෙලා උපයන මුදලින් සියයට 70කට වඩා වියදම් කරන්නේ වැටුප්වලට සහ අතිකාලවලට. මේ වැඩේ කරගන්න බෑ.

‌මේ වෙලාවේ කුරියර් සේවාවන් යම් ලාබයක් ගන්න ඉඩක් තියනවා. මේ වෙලාවේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගත්තොත්  තැපෑල හොඳ තැනකට ගේන්න පුලුවන්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාදිනල් හිමිපාණෝ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙති!

Next Post

නිවුන් සිසුන් 60ක් පමණ අධ්‍යාපනය ලබන උතුරු මැද පළාතේ ඒකම පාසලේ නිවුන් සිසුන්ට සමරු තිළිණ….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.