තායිලන්තයේ පශු වෛද්‍යවරු කණ්ඩායමක් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන තායි රාජා ඇතාගේ රුධිර සාම්පල කිහිපයක් තමාට නොදන්වා ලබාගෙන තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
මේ සඳහා මෙරට පශු වෛද්‍යවරු දෙදෙනෙකුගේ ද සහය ලැබී තිබෙන බවත් ඔවුන් ආචාරධර්මවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පශු වෛද්‍ය සභාවට පැමිණිලි කරන බවත් ඔහු කීය.
ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ පිහිටි ඇත්ගාලේ බැඳ සිටින තායි රාජා ඇතාගෙන් තමාට නොදන්වා රුධිර සාම්පල ලබාගත් කණ්ඩායම සාකච්ඡාවක් සඳහා ඊයේ (17) තමන් ට ආරාධනා කළ බවත් වෛද්‍ය ආචාරධර්ම නොපිළිපදින පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් නොමැති බව දැනුම් දෙමින් සාකච්ඡාව ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්වරයා පැවසුවේය.
ඇතාට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන වෛද්‍යවරයා වන තමන්ව දැනුවත් නොකර මේ ආකාරයෙන් රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි බවත් මොවුන් මේ උත්සාහ කරමින් සිටින්නේ කුමකට ද යන්න සැක සහිත බවත් මහාචාර්යවරයා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට මෙයට වසර 37 කට පෙර තායිලන්ත රජයෙන් පරිත්‍යාග කළ තායිරාජා ඇතා ගේ සුවදුක් විමසීම පිණිස මාස කිහිපයකට පෙර තායිලන්ත තානාපති පොජ් හර්න්පෝල් ( H.E. Poj Harnpol ) ද පැමිණියේ ය.
මුතුරාජා ඇතා යළි තායිලන්තියට රැගෙන යාමෙන් පසු තායි රාජා ද රැගෙන යාමේ උත්සාහයක් පවතින බවට රාවයක් පැවතුණු නමුත් එවැනි තීරණයක් නොමැති බව එම අවස්ථාවේ තායිලන්ත තානාපතිවරයා පැවසුවේ