ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (28) නියෝග කළේය.
ඒ එම නඩුව අද ත්‍රී කුණාමලය අධිකරණයේ කැඳවු අවස්ථාවේ දී ය.
ඒ අනුව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන් නැවත බන්ධනාගාරගත කළ හිමිවරු සිවු දෙනා වූහ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය ප්‍රතික්ෂේප කිරීමත් සමග ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා පසුගිය 19 වනදා නියෝග කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම පැමිණ්ල සිදුකර තිබිණි.
.







