ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම ඇතුළු වත්මන් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්ර විරෝධී මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව දේශපාලන පක්ෂ සමඟ සාකච්චා වටයක් පැවැත්වීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.
එහි එක් සාකච්ඡාවක් අද 43 වන සේනාංකය සමඟ පැවැත්වූයේය. එමෙන්ම ජාතික ජනබලවේගය සමඟ ඊයේ (05) දින සාකච්ඡාවක් පවත්වා තිබිණි.
එමෙන්ම ත්‍රස්ත පනත භාවිතා කිරීම ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කිරීම සැප් . 09 සවස 2ට කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මේ වනවිට ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදල්ගේ, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇත.







