අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනන නව පනත් කෙටුම්පත ජනතා අදහස් සඳහා විවෘත කරයි!

by editor
දෙසැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත්  විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් කෙටුම්පත් කළ ත්‍රස්වාදය වැලැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත්වන නව පනත් කෙටුම්පත  පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ඇරඹී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර  ඇකි ඇති අතර පෙබරවාරි 28 දින දක්වා පනත් කෙටුම්පත  ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවෘතව ඇතැයි අමාත්‍යවරයා අද (19) ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සඳහන් කළේය.

“දැනට පවතින  ත්‍රස්තවාදී පනත අහෝසි කර මානව හිමිකම්  සහ භාෂණයේ නිදහස ආරක්ෂා වන නව පනතක් ගෙන බවට වත්මන් රජය බලයට පත්වීමට පෙර අප විසින් පොරොන්දුවක් දෙනු ලැබුවා. ඒ අනුව පැරණි නීතිය ඉවත් කර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නව නීතියක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. “

“එම කමිටුව මාස එකොළහක කාලයක් තුළ සකස් කරන ලද පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර මා වෙත ලබා දුන්නා. එය මේ වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉතාමත් සියුම් සහ සංවේදී අපේ රටට විශාල වැදගත්කමක් ඇති පනතක් නිසා සෘජුවම අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගේ අදහස් වීමසමින් ජනතාව දැනුවත් කළ යුතු බව අප විශ්වාස කරනවා.”

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

“ඒ අනුව මේ වන විටත් කෙටුම්පත වෙබ්  අඩවියේ පළ කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට ඒ සඳහා අදහස් ලබා දිය හැකියි. පනත් කෙටුම්පතට නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එම කාලය තුළ පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. “

“එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීයව බලා කටයුතු කිරීමට සුදානම්. මේ වන විට සාමාන්‍ය ජනතාව සහ සිවිල් සංවිධාන අදහස් හා යෝජනා යොමු කර තිබෙනවා. ඒ නිසා මේ කෙටුම්පත් කර තිබෙන්නේ අවසාන කෙටුම්පත නොවෙයි. නව අදහස් හා යෝජනා එම කමිටුව මගින්ම නැවත සලකා බලා සාධනීයව කටයුතු කරනවා.”

අවසන් කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් සාධනීය අදහස් හා යෝජනා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කරන ලෙස  ඉල්ලා සිටින බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

පනත් කෙටුම්පතෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි පිටපත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙරටට කඩිනම් මානුෂීය ආධාර ලබා දුන්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජනපති  ස්තූතිය පළ කරයි!

Next Post

සූර්ය කුමාර් යාදේව්ගේ නායකත්වයෙන් ඉන්දීය 20යි විස්ස කණ්ඩායම නම් කරයි…  ශුබ්මන් ගිල් සංචිතයෙන් හැලෙයි… උප නායකත්වය අක්සාර් පටෙල්ට…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.