ඩොලර් නොමැතිවීම හේතුවෙන් නිදහස් කරගත නොහැකිව වරායේ සිර වී ඇති කන්ටේනර් 800ක් නිදහස් කරගැනීම සඳහා ඩොලර් නිදහස් කිරීමට අද ( 19) මහ බැංකුව එකඟ වූයේ යැයි වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන කියයි.
වෙළෙඳ ඇමතිවරයා මාධ්‍යයට කියන්නේ සහල් ආනයනය කළ පුද්ගලික ව්‍යාපාරිකයන් සදහා මෙම ඩොලර් ප්‍රමාණය නිදහස් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කළ බවය.
තව දින කීපයකින් එම සහල් තොග නිදහස් වීමත්, සතොස මගින් නිකුත් කරන සහල් තොගත් නිසා වෙළෙඳපලේ සහල් මිල මාෆියාව ඉවර වනබවට වෙළෙඳ ඇමතිවරයා විශ්වාසය පල කරයි.