දන්නා හඳුනන දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් කඩිමුඩියේ ඇවිද යනු දුටින් පාර හරස් කර කතාවට අල්ලා ගතිමි.
“මෙච්චර විරෝධතා තියෙද්දි මේ මහ දවල් පිස්සු බල්ලෙක් වගේ හති දාගෙන එක්සයිස් කරනවද?” මම ඇසුවෙමි.
“පිස්සු ද ඕයි! මම මේ විරෝධතා නිරීක්ෂණ චාරිකාවක් කරනවා” මහාචාරියා කීය.
“දැන් ඔහේ ජන මාධ්යයෙද වැඩ? නිකං නිරීක්ෂණය නොකර විරෝධය දක්වනවකෝ එකතැනක ඉඳන්” මම කීවෙමි.
“එහෙම බෑ… මේ අවස්ථාව නිරීක්ෂණය කරලා විශ්ලෙෂණය කරන එක කමයි මගේ රාජකාරිය” කියූ මහාචාරියා ඊළග විරෝධතා ස්ථානයට ඇදෙන්නට වූයෙන් මම ද ඔහු පසුපස වැටුනෙමි. ඔහු කුඩා සටහන් පොතක් ගෙන මොනවාදෝ ලියා ගත්තේය.
“මොකෝ අදහස? වැඩේ හොඳට යනව ද?” මම ශාස්ත්‍රීය අදහසක් දැනගැනීමේ අදහසින් විසුවෙමි.
“අරාබි වසන්තය අනුව යමින් මම මේක නම් කරනවා ‘ලංකා වසන්තය’ කියලා”
“ඕයි, මම ඇහුවෙ ළමයගෙ නම මොකක්ද කියලා නෙමෙයි. ළමයා ගැන අපිට අනාගත බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ද කියල?” මම මහාචාර්යවරයාගේ ඇඟට ගොඩ වුනෙමි.
“අයිසෙ, මම පස්වග මහණුන් වගේ අනාවැකි කාරයෙක් නෙමෙයි. ඒත් මගේ නිරීක්ෂණ හා උපකල්පන දෙන්න පුළුවන්. මේක අනාගතේට බොහොම සුබයි” මහාචාර්යා කීය.
“ඉතිං ඕයි ඒකත් සාත්තර කිව්ව වගේ අනාවැකියක්නේ! සුබ වෙන්නේ කොහොමෙයි කියනවකෝ” මම විස්තීර්ණ පිළිතුරක් ඉල්ලා සිටියෙමි.
“මිනිසුන් විසින් අරගලය නිර්මාණය කළාට අනතුරැව අරගලය විසින් මිනිසුන්ව ප්‍රතිනිර්මාණය කරනවා. තමුසෙට තේරැණාද?” මහාචාර්යා ඇසුවේය. මම නොතේරැණ වග පවසන්නට හිස සැලුවෙමි.
“දැන් මෙහෙම බලනවා. මිනිස්සු මේ හිපාටුවොන්ට විරැද්ධව අරගලය කරන්න පාරට බැස්සම ඒකෙන් නව දේශපාලන සවිඥානයක් බිහිවෙනව. ‘අපිට රජෙක් තමා ඕනේ. අපි වහල්ලු වෙන්න ආසයි. ජාතියයි ආගමයි අම්මා තාත්තාවගේ’ කියලනේ අවුරැදු කීපයකට ඉස්සර ලාංකිකයා කිව්වේ. ඒත් මේ අරගලය ඇතුලේ මානව අයිතිය, නිදහස, සමානාත්මතාවය සහ ප්රජාතන්ත්රවාද පිළිබද දැනුවත් වෙලා ඒවා ඉල්ලා සිටින අලුත් මිනිසෙක් බිහිවෙනවා” විරෝධතාවයට සහබාගී වෙමින් සිටි තරැණයෙක් කට ඇරන් මහාචාර්යා දෙස බලා සිටියේ අදහාගත නොහැකි මූණක් පාමිණි.
“එතකොට ඔහේගෙ අදහස මේ විරෝධතා පිටිපස්සේ බලය ගන්න පොරකන උන් නෑ කියලද?” මම ඇසුවෙමි.
“අවාසනාවකට ඉන්නවා, වාසනාවට උන් මේ මොහොතේ සාමාන්‍ය මිනිහට මුවා වෙලා හැංගිලා ඉන්නේ. කොයි වෙලාවෙ මේ මැද්දට පැනලා ලොකුම කුට්ටිය තමන්ට අයිති නර ගන්නේ කොහොමද කියලා තමයි එයාලා හීන මවන්නේ. මෙයාලා එලවලා එයාලා නොගෙනෙන තරමට ජනතාව මේ අරගලය ඇතුලෙම සබුද්ධික වෙන්න ඕන” දැන් මහාචාර්යාගේ කතාවට සවන්දීමටම විරෝධතාතරැවෝ දුසිමක් පමණ වටවී සිටිති.
“එතකොට මේ අරගලයට නායකත්වයක් ඕනෙ නැද්ද?” මම ඇසුවෙමි.
“තිබුණනම් හොදයි. දේශපාලනික පක්ෂයක් නියෝජනය නොනරන සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පිරිසට තවම ඉඩ තියෙනවා” ඒ කවුදැයි අසන්නට මෙන් එකිනෙකා මුහුණු බලාගත්හ.
“එතකොට අරගලයෙන්ම මෙයාලව පන්නන්න පුළුවන් වෙයි ද?” මම අවසන් පැනය ඇසුවෙමි.
“තවමත් ඡන්ද පැවැත්වෙන රටක ඡන්දයකින් තොරව පාරට බැහැලා ආණ්ඩු පෙරළීම ප්‍රජාතන්ත්‍රික නෑ” මහාචාර්යා පැවසුවේ රැස්වසිටියන් අතර කසුකුසුවක් අරඹමිනි.
“ඡන්දයක් තියන්න තව අවුරැදු දෙක තුනක් යනකොට මිනිස්සුන්ට මේ හුටප්පර ඔක්නොම අමතක වෙලානෙ ඕයි” මම විරෝධය පාමින් කීවෙමි.
“එහෙනම් මුලින් ඉල්ලන්න ඕනෙ ඡන්දයක්. තමුසෙට මම මෙච්චර වෙලා කියපු බණ තේරැණාද නැද්ද?” මහාචාර්යවරයා විමසීය.
“ඔව් ඔව් තේරැණා. මුළු රටම පාරට බස්සනකන්, තවත් හොරැ පත් නොකරන්න තරම් වැඩිදෙනෙක්ගේ දේශපාලන සවිඥානය පහළ වෙනකන් අරගලය ඉස්සරහට ගියදෙන්. එතකන් තව ටිකාකාකාක් ඔහොම හිටපුදෙන්”