සුමිත් පොතුපිටිය –
වැල්ලවාය අධිකරණයේ නඩුභාණ්ඩ ගබඩාවේ ඇති ගංජා මහා පරිමාණයෙන් අලෙවි කල එහි කාර්යාල සේවකයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා වැටලීම කර ඇති බව සදහන් වේ.
හපුතලේ පොලිස් බලප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 555 ක් සමග සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් අණාවරණය කරගෙන ඇති තොරතුරු මත ප්‍රධාන සැකකරු බෙරගල වැල්ලවාය මාර්ගයේ අයිස්පීල්ල පාළම අසලදී ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 305 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .
ප්‍රධාන සැකකරු පදිංචි ඌව මාවෙලගම මිරිස්වත්ත ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 130 ක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සොයාගෙන තිබේ .
ප්‍රධාන සැකකරු වසර 25 ක් පමණ විවිධ අධිකරණ වල සේවය කර ඇති බවත්, නඩු ගබඩාවල ඇති ගංජා නිවසට රැගෙනවිත් නැවත පාර්සල් කර කලක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත් සදහන් වේ.
සැකකරුවන් හපුතලේ සහ කොස්ලන්ද පොලිස් වසම් කේන්ද්‍ර කරගනිමින් ඌව පලාත තුළ මහා පරිමාණයෙන් ජාවාරම් කරගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
සැකකරුවන් නඩු භාණ්ඩ සමග කොස්ලන්ද පොලිසිය වෙත භාරදී ඇති බවත් බණ්ඩාරවෙල අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් වේ.
අධ්‍යක්ෂක (වැබ) ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සදරුවන් , චතුරංග , සැරයන් වරුන්වන ජයලාල් (428), ව්ජේරත්න (409), කොස්තාපල් වරුන්වන බාලසූරිය (77090), උදයකුමාර (84889), අමිල (87119), සංජීව (91287), සියන්ත (94009), තිලකරත්න (104644) , කුමාර (104678), පොකොරි අබේරත්න (89631) සහ උදාර (16227) වැටලීමට එක්වූහ.